Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»මෙනින්ගොකොකල් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්
    Local News

    මෙනින්ගොකොකල් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

    By LFNSeptember 2, 2023No Comments2 Mins Read145 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙනින්ගොකොකල්’ බැක්ටීරීයාව ආසාදනය වී ඇත්තේ, රෝගීන් දෙදෙනෙකුට පමණක් බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදුකළ පරීක්ෂණවල දී තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, ගාල්ල බන්ධනාගාරයේ එක් පුද්ගලයෙකුට පමණක් මෙම බැක්ටීරියාව ආසාදනය වී ඇති බව පරීක්ෂණ හරහා තහවුරු වී ඇති බවයි.

    එමෙන්ම කොළඹින් වාර්තා වූ අනෙක් රෝගියාත් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබමින් සුව අතට පත් වෙමින් සිටින බවත් ඔහු ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, අත්තිඩිය ප්‍රදේශයේ සේවය කර ඇති බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

    ඇතැම් මාධ්‍යය හරහා ‘මෙනින්ගොකොකල්’ බැක්ටීරීයාව ආසාදනය කොළඹටත් පැතිර ඇති බවට වැරදි මත ප්‍රචාරය කරන බව ද වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

    ඔහු පැවසුවේ, මෙම රෝගය වැළඳුණ රෝගීන් මීට පෙර වසරවල ද කොළඹ ඇතුළුව ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බවයි.

    මේ අතර, ගාල්ල කරාපිටිය රෝහලේ දී ප්‍රථිකාර ලබා ගැනීමට පැමිණ මියගිය කුඩා දරුවෙකුට මෙම රෝගය වැළඳි ඇති බවට සැක පළ කළ ද එම දරුවාට මෙනින්ගොකොකල් මෙනින්ජයිටීස් රෝගය නොතිබූ බවට පරීක්ෂණ හරහා සනාථ වී ඇති බව වෛද්‍යවරයා වැඩිදුරටක් ප්‍රකාශ කළේය.

    මෙනින්ගොකොකල් බැක්ටීරීයාව ආසාදනය වන අකාරය පිළිබඳ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ක්ෂුද්‍රජීවී විශේෂඥ වෛද්‍ය ලිලානි කරුණානායක මහත්මිය මෙලෙස පැහැදිලි කළාය.

    “මෙය බැක්ටිරියා මගින් ඇති වන රෝගයක්. මේක ව්‍යාප්ත වෙන්නේ සෙම සහ කෙළ මගින්. සමීපතමයන් අතර තමයි මේක ව්‍යාප්ත වෙන්නේ. ප්‍රජාව අතර ව්‍යාප්ත වෙනවාට වඩා නිවැසියන් අතර ව්‍යාප්තිය වැඩි. ඉතාම සමීප ඇසුරක් තිබෙන අයට තමයි ව්‍යාප්ත වෙන්නේ. රෝග ලක්ෂණ ගත්තොත් මෙනින්ජයිටීස් කියන්නේ සංකූලතාවයක්. ඊට අමතරව නියුමෝනියා සහ සෙප්සීස් කියන සංකූලතා ඇති වෙන්න පුළුවන්. අපේ රටේ මේකේ කාණ්ඩ පරීක්ෂා කරලා තියෙනවා. මෙහෙ තියෙන්නේ B සහ C යන වර්ග දෙක පමණයි. ඒක වසංගත රෝගයක් ලෙස පැතිරෙන්නේ නැති ලංකාවේ ආවේනික රෝගයක් විදියට තමයි යන්නේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.