පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු සිව් දෙනෙකුට මේ මස 4 වනදා අධිකරණය හමුවේ පුද්ගලිකව පෙනී සිටින ලෙස දන්වා අභියාචනාධිකරණය නොතීසි නිකුත් කර තිබේ.
ඒ, කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සංකීර්ණයක හිමිකාරිත්වයයට අදාළ ආරවුලක් සම්බන්ධයෙන් ගොනුකර තිබූ රිට් පෙත්සමක් පිළිබඳව කරුණු දැක්වීම සඳහා ය.
කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යපාරිකයෙකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.