Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»අභිරහස් ලෙස මියගිය තිදෙනෙකුගේ සිරුරු හමුවෙයි
    Local News

    අභිරහස් ලෙස මියගිය තිදෙනෙකුගේ සිරුරු හමුවෙයි

    By LFNAugust 31, 2023No Comments2 Mins Read169 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (31) පෙරවරුවේ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ස්ථාන තුනක තිබී හිමිනමකගේ සහ තවත් පුද්ගලයින් දෙනෙකුගේ මළසිරුරු තුනක් සොයාගෙන තිබේ.

    එක් මළසිරුරක් ගලෙන්බිඳුණුවැව නගරයට ආසන්න කුඹුරු ඉඩමක ගසක එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇත.

    ගලෙන්බිඳුණුවැව ඉලුක්වැව ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කළ හිමිනමක් වස පානය කිරීමෙන් අපවත් වී සිටියදී අද උදෑසන හමුවූ බව පොලීසිය පැවසීය.

    එමෙන්ම අනෙක් සිරුර හමුවී ඇත්තේ කොකාවැව ප්‍රදේශයේ වගා ලිඳක තිබියදීය.

    පොලීසිය සිදුකළ විමර්ශන අනුව ගලෙන්බිඳුණුවැව නගරයට ආසන්න කුඹුරු ඉඩමක මියගොස් සිටියදී හමුවූ පුද්ගලයා හුරුළුනිකවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙකු බව අනාවරණය වී ඇත.

    මෙම පුද්ගලයා මීට දින කිහිපයකට පෙර අවුරුදු 09ක් වයසැති දැරියකට ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ සිද්ධියක සැකකරු වන අතර පොලීසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිට තිබුණි.

    මේ අතර විහාරස්ථානයේ වස පානය කරමින් අපවත්වී සිටියේ 32 හැවිරිදි හිමිනමක් බව පොලීසිය පවසයි.

    එම හිමිනමගේ දේහය හමුවී ඇත්තේ එම හිමිනම විසින් විහාරස්ථානය ආසන්නයේ වගාකළ ඉඩමක ඉදිකර තිබූ පැල්පතක තිබියදී ය.

    එමෙන්ම වගා ළිඳකට වැටී මියගොස් අත්තේ 51 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිව සිටි පුද්ගලයෙකි.

    ඔහුගේ නිවස ආසන්නයේම මෙම වගා ළිඳ පිහිටා ඇති බව පොලීසිය පවසයි.

    මෙම හිමිනම සහ අනෙක් පුද්ගලයින් දෙදෙනා ඝාතනය කර ඇත් ද නැතිනම් සියදිවි නසාගෙන ඇත්ද යන්න තහවුරු කරගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත දේහයන් යොමුකර තිබේ.

    මෙම මරණවලට අදාළ පොලිස් පරීක්ෂණ ගලෙන්බිදුණුවැව හා කොකාවැව පොලීසිය මගින් සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.