කොළඹ – නුවර මාර්ගයේ කජුගම ප්‍රදේශයේ දී කොළඹ සිට දංඕවිට දෙසට ධාවනය වූ කාර්යාල සේවකයින් රැගත් බස් රථයක් ලංගම බස්රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.
පොලීසිය පැවසුවේ ඊයේ (29) රාත්‍රී මෙම අනතුර සිදුව ඇති බවය.
ලංගම බස් රථය කාන්තන්කුඩි දෙස සිට කොළඹ දෙසට ධාවනය වු ලංගම බස් රථයක් බව ද පොලීසිය පවසයි.
පෞද්ගලික බස් රථය එම දිශාවටම ධාවනය වූ වෙනත් වාහනයකට ඉස්සර යෑමේ දී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් පෞද්ගලික බස්රථ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, බස් රථ දෙකේ කාන්තාවන් 4ක් සහ පිරිමි පුද්ගලයින් 5 දෙනෙක් තුවාල ලබා වතුපිටිවල සහ වරකාපොළ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 44 හැවිරිදි කඹුරාදෙණිය,ප දංඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය වතුපිටිවල රෝහලේ තැන්පත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් ලංගම බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.