අමෙරිකාවේ ෆ්ලොරිඩා හි සුදු ජාතිකයෙකු සිදුකළ වෙඩිතැබීමකින් කළු ජාතිකයින් තිදෙනෙක් මිය ගොස් තිබේ.
වර්ගවාදය පදනම් කරගෙන සිදුකර තිබූ එම වෙඩිතැබීමෙන් මිය ගොස් ඇත්තේ පිරිමි පුද්ගලයින් දෙදෙනකු සහ එක් කාන්තාවකි.
වෙඩිතැබීම සිදුකළ වයස අවුරුදු 20ක් පමණ වන සුදු ජාතික තරුණයා ද පසුව සිය දිවි නසාගෙන තිබුණි.
වෙඩිතැබීම සිදුව තිබුණේ ප්‍රාන්තයේ කළු ජාතික විශ්වවිද්‍යාලයක් ආසන්නයේ ය.
වෙඩික්කරු කිසියම් සංවිධානයක සාමාජිකයෙකු ද යන්න පිළිබඳව විමර්ශන සිදුකෙරෙමින් පවතී.
මෙම වසර තුළ අමෙරිකාවේ සිදුකළ වෙඩිතැබීම්වලින් මිය ගිය පිරිස 28,000කි.