Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»නැගෙනහිර ගැන ජනපති ගත් තීරණය
    Political

    නැගෙනහිර ගැන ජනපති ගත් තීරණය

    By LFNAugust 25, 2023No Comments3 Mins Read186 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කිරීම හරහා රටේ ආර්ථිකයට නව ජීවයක් ලබාදීමට හැකි පරිසරයක් නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ත්‍රීකුණාමලය ගුවන් හමුදා කදවුරේ ඊයේ (24)පැවති ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි.

    ඉන්දියාවේ සහාය ඇතිව ත්‍රිකුණාමලය මෙරට බලශක්ති, ප්‍රවාහන, වරාය, නාවුක, ගුවන්, කර්මාන්ත මෙන්ම සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ ඉලක්කගත වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කළයුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

    දිස්ත්‍රික්කයේ පවතින රජයේ ඉඩම් සහ මහවැලි ඉඩම් කළමනාකරණය පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර 2019-2023 කාලසීමාව තුළ එම ඉඩම් ලබාදීම පිළිබඳ වාර්තාවක් සතියක් තුළ තමා වෙත ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය.

    එසේම තරගකාරි ලෙස ආගමික ස්ථාන ඉදිකිරීම නතර කළ යුතු බවත්, ඉදිරියේ දී ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ ආගමික ස්ථාන ඉදිකිරීමේ දී ආගමික නායකයන්, ආණ්ඩුකාරවරයා, දිස්ත්‍රික් දේශපාලන නායකයන් සහ රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳ තීරණයකට එළැඹිය යුතු බවටත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    අද මෙම රැස්වීම කැඳවනු ලැබුවේ නැගෙනහිර පළාතේ විශේෂයෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමටයි. දැනට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංවර්ධනයට අදාළව සර්බානා ජුරෝන් සමාගමෙන් සැලැස්මක් සකස් කර තිබෙනවා. එම සැලැස්ම පදනම් කර ගනිමින් ත්‍රිකුණාමලය සංවර්ධනය පිළිබඳ ශ්‍රී ලංකාවත්, ඉන්දියාවත් අතර එකඟතාවකට පැමිණ තිබෙනවා. අප එය ක්‍රියාත්මක කළයුතුයි එම සංවර්ධන සැලැස්මට අනුව වෙරුගල්ආරු සිට පානම, කුමන මුහුදු තීරය දියුණු කිරීමටත් වැඩසටහනක් සකස් කර තිබෙනවා. සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට මුහුදු තීරය භාවිතා කිරීම එමගින් අපේක්ෂා කරනවා.

    ඒ සමඟම මේ ප්‍රදේශයේ නවීන කෘෂිකර්මාන්තයක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. නැගෙනහිර පළාතේ අනෙකුත් ප්‍රදේශත් මේ සඳහා එක් කරගත යුතුයි. එසේම මහවැලි අධිකාරිය සහ ඉඩම් දෙපාර්තමේන්තුවත් ඊට දායක කරගත යුතුයි.

    ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ධීවර, කෘෂිකර්මාන්ත සහ සංචාරක ක්ෂේත්‍රවල ඇති වන මෙම නව දියුණුවත් සමඟ ත්‍රිකුණාමල නගරය ප්‍රධාන වෙළෙඳ නගරයක් බවට පත් කළයුතුයි. ත්‍රිකුණාමලයෙන් පසුව මඩකළපුවටත්,අම්පාරටත් එම සංවර්ධනය ගෙන යාම අපේ අරමුණයි.

    විශේෂයෙන් ඉඩම් ගැටලු නිරාකණය කර ගනිමින් අප මෙම කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි. එහිදී මහවැලි ඉඩම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් ඒවා දියුණු කළහැක්කේ කෙසේද කියා සොයා බැලිය යුතුයි.

    එසේම ත්‍රිකුණාමල සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීමේ දී මහවැලි යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක වන 1985 සැලැස්මට අනුව තිබෙන ඉඩම් ලබා ගැනීමට සැලසුම් කර තිබෙනවා. නමුත් නැගෙනහිර පළාත තුළ ඇතැම් ඉඩම් කොටස් අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව ගැසට් කර තිබෙන බව පෙනෙන්නට තිබෙනවා.

    විවිධ ආගමික ස්ථාන සඳහාත් ඉඩම් වැඩි වශයෙන් ලබාදී තිබෙන බව සිදු කළ සමීක්ෂණයකදී අනාවරණය වුණා. එම නිසා තරගකාරී ලෙස ආගමික ස්ථාන ඉදිකිරීම නතර කළ යුතුයි. එහිදී ආගමික නායකයන්, ආණ්ඩුකාරවරයා, පළාතේ දේශපාලන නායකයන් සහ රාජ්‍ය නිලධාරින් සමඟ සාකච්ඡා කර නිවැරදි තීරණයකට එළැඹීම ඉතා වැදගත් බව කිව යුතුයි.

    1985 දී මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ දී එඩිම්බරො ආදිපාදවරයා මෙහි පැමිණ ලබා දී තිබූ ඉඩම් මේ වන විට වනජීවී අමාත්‍යාංශය විසින් වනාන්තර ලෙස ගැසට් කර තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ වන ගහණය සියයට 32ක ප්‍රතිශතයකින් පවත්වාගෙන යා යුතුයි. එය එසේ පවතිද්දී අනෙක් ඉඩම් රටේ සංවර්ධන කටයුතු සඳහා යොදාගත යුතුයි.

    අද සිංගප්පූරුව සහ ඩුබායි වැනි රටවල සංවර්ධන කටයුතු සඳහා ඉඩම් අසීමිත ලෙස යොදවා තිබෙනවා. මම පසුගියදා සිදු කළ සිංගප්පූරු සංචාරයේ දී එම රජය ශ්‍රී ලංකාවෙන් සහල් ඉල්ලා සිටියා. පසුගිය වසරේදී අප ඔවුන්ගෙන් සහල් ඉල්ලා සිටියා වගේම මේ වසරේ දී ඔවුන් අපෙන් සහල් ඉල්ලනවා. ඒ නිසා නවීන කෘෂිකර්මාන්තය රට තුළ ඇතිකර කෘෂි නිෂ්පාදන තුළින් ලෝක ආර්ථිකය ජයගැනීමට අප කටයුතු කළ යුතුයි. ‍

    ත්‍රිකුණාමලය සංවර්ධනය සැලස්ම කඩිනමින් ක්‍රියාත්මක කර අප මෙම සංවර්ධන අරමුණු ජය ගැනීමට කටයුතු කරමු. ඒ සඳහා පළාතේ මහජන නියෝජිතයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලුදෙනා කැපවනු ඇතැයි මම අපේක්ෂා කරනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.