චීන කොටස් වෙළෙඳපොළ කොටස් මිල ගණන් ඊයේ දිනයේ මාස 09 කට පසුව අවම මට්ටමකට ළගාවී තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි.
එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ චීනයේ මුදල් ඒකකය වන යුවාන් හි අගය ද අඛණ්ඩව දුර්වල වෙමින් පවතින බවය.
එමෙන්ම චීනයේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ආයෝජකයින් දක්වන උනන්දුව අඩුවීම හා ඒ ඔස්සේ ගලා එන ආයෝජන අඩුවීම ද චීන ආර්ථිකයට දැඩි බලපෑම් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ඒ අනුව ආයෝජකයින් තුළ සැක මතුකර ඇත්තේ ආර්ථිකය යළි පෙර තිබූ පරිදි ශක්තිමත් කිරීමට චීන රජයට හැකි වේද යන්න පිළිබඳවය.
ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනයේ දේපොළ වෙළෙඳාම් අංශය ද පෙර නොවූ විරූ ණය අර්බුදයකට මුහුණ දී සිටින බවද වාර්තා වෙයි.