ව්‍යාජ ලේඛන සකස් කළ පුද්ගලයෙකු මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවුසුවේ අධ්‍යාපන අමාත්‍යාශයේ නිල නාමය, නතතුර හා අමාත්‍යාංශ ලිපි ශිර්ෂ ව්‍යාජ ලෙස යොදා ව්‍යාජ ලේඛන සකස් කර මහනුවර ප්‍රදේශයේ බාලිකා විද්‍යාලයකට ළමුන් 29 දෙනෙකු ඇතුළත් කර වංචාවක් සිදුකර ඇති බවය.
අධ්‍යාපන අමාත්‍යාශයේ අතිරේක ලේකම්වරයා සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ විර්ශනයකට අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු 45 හැවිරිදි මහනුවර ධර්මාශෝක මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිදුකළ විමර්ශනවලදී ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ග්‍රාම සේවක සහතික නිකුත් කරමින් ඊට ආධාර අනුබල දුන් දෙයියන්දර ග්‍රාම නිලධාරිවරයාද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.