Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»වැග්නර් නායකයා අප්‍රිකාවෙන් මතුවෙයි
    International

    වැග්නර් නායකයා අප්‍රිකාවෙන් මතුවෙයි

    By LFNAugust 23, 2023No Comments2 Mins Read140 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පසුගිය ජුනි මාසය අවසානයේ ගොඩනැගුනු අසම්පූර්ණ කැරැල්ලෙන් පසු ප්‍රථම වරට රුසියානු වැග්නර් සන්නද්ධ කුළී බළකායේ නායක යෙව්ගෙනි ප්‍රිගෝසින් වීඩියෝ ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබේ.

    වැග්නර් බළකායට අයත් ටෙලිග්‍රෑම් නාළිකා ඔස්සේ සංසරණය වූ එම වීඩියෝ පටය බොහෝදුරට අප්‍රිකාවේ රූගත කර ඇති බව විශ්වාස කෙරෙයි.

    ඒ අනුව වැග්නර් බළකායේ නායකයා දැන් අප්‍රිකාවේ සිටින බවට ඉඟිකෙරෙන බව රොයිටර්ස් ප්‍රවෘත්ති සේවය සඳහන් කළේය.

    අප්‍රිකාවේ ගැටුම් පවතින රාජ්‍යයන්හි වැග්නර් බළකායේ ක්‍රියාකාරකම් මීට පෙර වාර්තා වී තිබූ අතර, ඔවුන් දැන් සිදුකරන මෙහෙයුම පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය වී නොමැත.

    නව වීඩියෝ පටයේ ප්‍රිගෝසින් කාන්තාර ප්‍රදේශයක කැමෆ්ලාජ් නැත්නම් කැලෑ ඇඳුමකින් සැරසී රයිෆලයක් අතැතිව සිටි අතර ඔහු අසල තවත් සන්නද්ධ පිරිස් සහ පිකප් වාහන රැසක් දක්නට ලැබෙයි.

    එහිදී ප්‍රිගෝසින් කළ ප්‍රකාශය මෙන්ම වැග්නර් බළකායට පක්ෂපාත ටෙලිග්‍රෑම් නාළිකා ඊට දැක්වූ ප්‍රතිචාර මත ප්‍රිගෝසින් දැන් අප්‍රිකාවේ සිටින බව විශ්වාස කළ හැකියැයි රොයිටර්ස් ප්‍රවෘත්ති සේවය සඳහන් කළේය.

    “උෂ්ණත්වය අංශක 50 ඉක්මවනවා. සියල්ල අප කැමති ආකාරයෙන් සිදුවන්නේ. වැග්නර් බළකාය සියලුම මහාද්වීපවල රුසියාව තවත් ශ්‍රේෂ්ඨත්වයට පත්කරනවා. අප්‍රිකාවට වඩාත් නිදහස සහ යුක්තිය මෙන්ම අප්‍රිකානු ජනතාවට සතුට ගෙන එනවා. ISIS සහ අල්කයිඩා ඇතුළු අනෙකුත් චෞර කල්ලිවලට අපි ජීවිතය නපුරු සිහිනයක් කරනවා.”

    ඒ ප්‍රිගෝසින්ගේ ප්‍රකාශයයි.

    ඉන්පසු වැග්නර් බළකායේ බඳවාගැනීම් ගැන ප්‍රවර්ධන පාඨයක් ඔහු ඉදිරිපත් කළේ ඊට සම්බන්ධ විය හැකි ඇමතුම් අංකයක්ද සමගිනි.

    පසුගිය ජුනි මාසයේ රුසියාවේදී ක්‍රියාත්මක වූ කැරැල්ලෙන් පසු වැග්නර් බළකායේ මෙන්ම ප්‍රිගෝසින්ගේ අනාගතය අවිනිශ්චිත වූ අතර, යුක්‍රේන යුද්ධයේ දරුණුතම ගැටුම්වලට මුහුණදුන් ඔවුන් බෙලරූස් රාජ්‍යය වෙත පිටත්ව ගිය බව රුසියාව ප්‍රකාශ කළේය.

    බෙලරූස්හි පුහුණුවීම් සිදුකරන අතරතුර ප්‍රිගෝසින් සඳහන් කළේ අප්‍රිකාවේ සිය මෙහෙයුම් පුළුල් කිරීමට වැග්නර් බළකාය සූදානම් බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.