Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Uncategorized»සුවසැරියේ හෙද සහායකට ප්‍රහාරයක්
    Uncategorized

    සුවසැරියේ හෙද සහායකට ප්‍රහාරයක්

    By LFNAugust 23, 2023No Comments1 Min Read152 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සුවසැරිය ගිලන් රථයේ හෙද සහායකට පහරදුන් බවට ලද පැමිණිල්ලකට අනුව බේරුවල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල නල්ලහේන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්වය.

    බේරුවල පොලීසිය සඳහන් කළේ, නොසැලකිලිමත් භාවය සම්බන්ධයෙන් ගිලන් රථයේ රාජකාරී කළ අයට එරෙහිවද පැමිණිල්ලක් ලැබී ඇති බවය.

    ධීවර කටයුතු සඳහා බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු ඉකුත් 20 වනදා පස්වරුවේ මුහුදේ දී රෝගීවී තිබුණි.

    ඒ බව දැනුම්දීමෙන් පසු 1990 සුවසැරිය ගිලන් රථයක් කඩිනමින් චීන වරාය වෙත ළඟාවී ඇත.

    අසනීපවී සිටි ධීවරයා රැගත් යාත්‍රාව නවත්වන ස්ථානයේ වෙනත් යාත්‍රාවක් නතරකර තිබී ඇති බැවින් අදාළ යාත්‍රාව ජැටියට ගැනීමට බොහෝ වේලාවක් ගතවී තිබුණි.

    එම ප්‍රමාදවීම සම්බන්ධයෙන් ධීවරයින් පිරිසක් සහ ගිලන් රථ සේවකයින් අතර යම් වචන හුවමාරුවක් සිදුවීමෙන් පසු ගිලන්‍ රථය එම ස්ථානයෙන් පිටත්වී ගොස් ඇත.

    පසුව පෞද්ගලික වාහනයකින් රෝගියාව රෝහල්ගත කර තිබූ අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවූ රෝගියා කළුතර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා විය.

    ගිලන් රථය බේරුවල ප්‍රදේශයේ විහාරස්ථානයක ගාල්කර තිබී ඇති අතර, එදින රාත්‍රියේ ධීවර යාත්‍රාවේ හිමිකරු ගිලන් රථයේ හෙද සහායකයාට පහරදුන් බවට ලද පැමිණිල්ලක් මත මෙලෙස සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

    පසුව හෙද සහායකයාද රෝහල්ගතවී සිට ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

    සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026

    අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 28,000කට අධික පිරිසකට බලපෑම්

    May 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.