Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රේගුවේ රඳවාගෙන සිටින BYD වාහන සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස නියෝගයක්

    October 24, 2025

    තායිලන්තයෙන් තෑගි කළ ඇත්තු දෙන්නා නැවත ගෙන්වා ගැනීමට අවධානය

    October 24, 2025

    ඉන්දියාවේ බස් රථයක් ගිනිගෙන 25කට වැඩි පිරිසක් මරුට

    October 24, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Uncategorized»සුවසැරියේ හෙද සහායකට ප්‍රහාරයක්
    Uncategorized

    සුවසැරියේ හෙද සහායකට ප්‍රහාරයක්

    By LFNAugust 23, 2023No Comments1 Min Read151 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සුවසැරිය ගිලන් රථයේ හෙද සහායකට පහරදුන් බවට ලද පැමිණිල්ලකට අනුව බේරුවල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල නල්ලහේන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්වය.

    බේරුවල පොලීසිය සඳහන් කළේ, නොසැලකිලිමත් භාවය සම්බන්ධයෙන් ගිලන් රථයේ රාජකාරී කළ අයට එරෙහිවද පැමිණිල්ලක් ලැබී ඇති බවය.

    ධීවර කටයුතු සඳහා බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු ඉකුත් 20 වනදා පස්වරුවේ මුහුදේ දී රෝගීවී තිබුණි.

    ඒ බව දැනුම්දීමෙන් පසු 1990 සුවසැරිය ගිලන් රථයක් කඩිනමින් චීන වරාය වෙත ළඟාවී ඇත.

    අසනීපවී සිටි ධීවරයා රැගත් යාත්‍රාව නවත්වන ස්ථානයේ වෙනත් යාත්‍රාවක් නතරකර තිබී ඇති බැවින් අදාළ යාත්‍රාව ජැටියට ගැනීමට බොහෝ වේලාවක් ගතවී තිබුණි.

    එම ප්‍රමාදවීම සම්බන්ධයෙන් ධීවරයින් පිරිසක් සහ ගිලන් රථ සේවකයින් අතර යම් වචන හුවමාරුවක් සිදුවීමෙන් පසු ගිලන්‍ රථය එම ස්ථානයෙන් පිටත්වී ගොස් ඇත.

    පසුව පෞද්ගලික වාහනයකින් රෝගියාව රෝහල්ගත කර තිබූ අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවූ රෝගියා කළුතර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා විය.

    ගිලන් රථය බේරුවල ප්‍රදේශයේ විහාරස්ථානයක ගාල්කර තිබී ඇති අතර, එදින රාත්‍රියේ ධීවර යාත්‍රාවේ හිමිකරු ගිලන් රථයේ හෙද සහායකයාට පහරදුන් බවට ලද පැමිණිල්ලක් මත මෙලෙස සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

    පසුව හෙද සහායකයාද රෝහල්ගතවී සිට ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

    සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විපක්ෂයේ පක්ෂ නියෝජිතයින් එක් වූ විශේෂ සාකච්ඡාවක්

    May 21, 2025

    බදුල්ලේ සහෝදරයින්ගේ ගැටුම ගැන වෛද්‍ය පාලිත රාජපක්ෂ කළ හෙළිදරව්ව

    May 21, 2025

    සමසෞඛ්‍ය සිසුන්ට එල්ල කළ ප්‍රහාරය හෙළා දකිමින් රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් විරෝධතාවයක

    March 30, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,378 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,325 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,558 Views
    Don't Miss

    රේගුවේ රඳවාගෙන සිටින BYD වාහන සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස නියෝගයක්

    October 24, 202504 Views

    මේ වන විට ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින BYD වාහනවල මෝටර් ධාරිතාව සම්බන්ධයෙන් සිදු…

    තායිලන්තයෙන් තෑගි කළ ඇත්තු දෙන්නා නැවත ගෙන්වා ගැනීමට අවධානය

    October 24, 2025

    ඉන්දියාවේ බස් රථයක් ගිනිගෙන 25කට වැඩි පිරිසක් මරුට

    October 24, 2025

    අලුත් වෙන පෙරපාසල් විෂයමාලාව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවැරදි කිරීමක්

    October 23, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.