Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නීතිවිරෝධීව ගෙන්වූ දුම්වැටි, ඖෂධ සහ සුවඳ විලවුන් තොගයක් කටුනායකදී අල්ලයි

    March 23, 2026

    යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග – නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

    March 23, 2026

    ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

    March 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»මරණයකින් කෙළවර වූ ණය ඉල්ලීම
    Local News

    මරණයකින් කෙළවර වූ ණය ඉල්ලීම

    By LFNAugust 20, 2023No Comments1 Min Read139 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තියුණු ආයුධයකින් පහර දීමෙන් පුද්ගලයකු මියගොස් ඇති බව පොලීසිය වාර්තා කරයි.

    ණය මුදලක් ලබාගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුට මෙසේ තියුණු ආයුධයකින් පහර දී ඇති අතර, ඔවුන් හෝමාගම රෝහලට ඇතුළත් ක‍රන අතරවාරයේ එක් පුද්ගලයකු මියගොස් තිබේ.

    මහරගම, නාවින්න ප්‍රදේශයේ දී ඊයේ (19) උදෑසන කාලයේ දී පහරදීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

    මියගොස් ඇත්තේ, 58 වැවිරිදි තලගල, කිරිවන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, මරණකරු විසින් නාවින්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට ණය මුදලක් ලබා දී තිබුණු බව සඳහන්ය.

    මරණකරු, එම ණය මුදල ලබාගැනීම සඳහා තවත් පුද්ගලයකු සමඟ ත්‍රිරෝද රථයකින් ණය හිමියාගේ නිවසට ගොස් ඇත.

    දෙදෙනා පැමිණ ණය හිමියාගේ නිවසේ වසා තිබූ ගේට්ටුවට ගසමින් එය විවෘත කිරීමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේ දී ණය මුදල ලබාගත් නිවසේ හිමිකරු විසින් තියුණු ආයුධයක් රැගෙනවිත් පුද්ගලයන් දෙදෙනාට පහර දී තුවාල සිදුකර තිබේ.

    පසුව තුවාලකරුවන් දෙදෙනා ඔවුන් පැමිණි ත්‍රිරෝද රථයෙන්ම හෝමාගම රෝහලට ගොස් තිබේ.

    මරණකරු විසින් සැකකරු හට ලබාදුන් ණය මුදල ලබාගැනීමට පැමිණි අවස්ථාවේ දී මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය විසින් සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත.

    ඝාතනය සිදුකළ 60 හැවිරිදි සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් සිටිය දී හෝකන්දර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නීතිවිරෝධීව ගෙන්වූ දුම්වැටි, ඖෂධ සහ සුවඳ විලවුන් තොගයක් කටුනායකදී අල්ලයි

    March 23, 2026

    ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

    March 22, 2026

    බස් ගාස්තුව ඉහළ යාම 10%කට වඩා වැඩි අගයකින්

    March 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    නීතිවිරෝධීව ගෙන්වූ දුම්වැටි, ඖෂධ සහ සුවඳ විලවුන් තොගයක් කටුනායකදී අල්ලයි

    March 23, 202604 Views

    නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන් වූ විදේශීය නිෂ්පාදිත දුම්වැටි, ඖෂධ වර්ග සහ සුවඳ විලවුන් තොගයක් සමග…

    යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග – නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

    March 23, 2026

    ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

    March 22, 2026

    බස් ගාස්තුව ඉහළ යාම 10%කට වඩා වැඩි අගයකින්

    March 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.