කුලී පදනම මත ලබාගත් වාහන, ව්‍යාජ ලේඛන සකස් කර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
කුලී පදනම මත පාණදුර ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් වාහනයක් ලබාගෙන, ව්‍යාජ ලේඛන සකස් කර අලෙවි කර ඇති බවට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයක දී මෝටර් රථ 02ක් ද සමඟ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
සිදුකළ විමර්ශනවල දී අලෙවි කරන ලද හා උකස් කරන ලද තවත් මෝටර් රථ 02ක් මෙන්ම ව්‍යාජ ලෙස සකස් කරන ලද රියදුරු බලපත්‍ර ඇතුළු ලේඛන රැසක් සොයාගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනා දඹුල්ල හා කල්එළිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, සැකකාරිය පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකාරියක් බව අනාවරණය වී ඇත.
සැකකරුවන් පාණදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.