Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»වියළි කාලගුණයට පිළියමක් ලෙස ජලය මුර ක්‍රමයට
    Local News

    වියළි කාලගුණයට පිළියමක් ලෙස ජලය මුර ක්‍රමයට

    By LFNAugust 19, 2023No Comments1 Min Read179 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ පාරිභෝගික ජල සබඳතා 69,220ක ප්‍රමාණයකට මුර ක්‍රමය යටතේ ජලය ලබා දීමට පියවර ගෙන ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

    එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනෝජා කළුආරච්චි මහත්මිය සඳහන් කළේ, මුර ක්‍රමය යටතේ ජලය සැපයෙන අවස්තාවල දී ඉල්ලුම වැඩි වූ විට අඩු පීඩන‍යක් යටතේ ජලය සැපයෙන බවයි.

    වියළි කාලගුණික තත්ත්වය අඛණ්ඩව පැවතිය හොත් දැනට අවදානමට ලක් නොවූ ජල මූලාශ්‍ර ද අවදානමට ලක්විය හැකි බව අනෝජා කළුආරච්චි මහත්මිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    මේ අතර, අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ සහ මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයක් සඳහා පැය18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය නිවේදනය කර ඇත.

    එම මණ්ඩලය සඳහන් කරන්නේ, අද පෙරවරු 08.00 සිට හෙට අලුයම 02.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බවයි.

    එමෙන්ම බොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, රත්මලාන, කටුබැද්ද සහ කඩුවෙල යන ප්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අදාළ කාලය තුළ අත්හිටුවීමට නියමිතව තිබේ.

    විදුලි බල මණ්ඩලයේ අධිබල විදුලි රැහැන් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත සැපයෙන විදුලි බලය විසන්ධි කරන බැවින් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය අවධාරණය කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.