Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»වියළි කාලගුණයට පිළියමක් ලෙස ජලය මුර ක්‍රමයට
    Local News

    වියළි කාලගුණයට පිළියමක් ලෙස ජලය මුර ක්‍රමයට

    By LFNAugust 19, 2023No Comments1 Min Read178 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ පාරිභෝගික ජල සබඳතා 69,220ක ප්‍රමාණයකට මුර ක්‍රමය යටතේ ජලය ලබා දීමට පියවර ගෙන ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

    එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනෝජා කළුආරච්චි මහත්මිය සඳහන් කළේ, මුර ක්‍රමය යටතේ ජලය සැපයෙන අවස්තාවල දී ඉල්ලුම වැඩි වූ විට අඩු පීඩන‍යක් යටතේ ජලය සැපයෙන බවයි.

    වියළි කාලගුණික තත්ත්වය අඛණ්ඩව පැවතිය හොත් දැනට අවදානමට ලක් නොවූ ජල මූලාශ්‍ර ද අවදානමට ලක්විය හැකි බව අනෝජා කළුආරච්චි මහත්මිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    මේ අතර, අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ සහ මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයක් සඳහා පැය18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය නිවේදනය කර ඇත.

    එම මණ්ඩලය සඳහන් කරන්නේ, අද පෙරවරු 08.00 සිට හෙට අලුයම 02.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බවයි.

    එමෙන්ම බොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, රත්මලාන, කටුබැද්ද සහ කඩුවෙල යන ප්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අදාළ කාලය තුළ අත්හිටුවීමට නියමිතව තිබේ.

    විදුලි බල මණ්ඩලයේ අධිබල විදුලි රැහැන් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත සැපයෙන විදුලි බලය විසන්ධි කරන බැවින් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය අවධාරණය කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026014 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.