Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»දකුණේ භීතිය පැතිරූ පාතාලේ ගෝලයෙක් අත්අඩංගුවට
    Local News

    දකුණේ භීතිය පැතිරූ පාතාලේ ගෝලයෙක් අත්අඩංගුවට

    By LFNAugust 18, 2023No Comments1 Min Read180 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දකුණු පළාත භීතියට පත්කරමින් මනූෂ්‍ය ඝාතන සිදුකරන ප්‍රධාන අපරාධකරුවෙකුගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු පයාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43ක පුද්ගලයෙකි.

    පොලීසිය සඳහන් කළේ තංගල්ල පොලිස් බලප්‍රදේශයේදී මනුෂ්‍ය ඝතනයක් සිදුකළ වෙඩික්කරුවන් ප්‍රවාහනය කර ඇත්තේ ද මෙම සැකකරු විසින් බවය.

    අදාළ සැකකරු මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහාපරිමාණ මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හඳුනාගෙන ඇති, දැනට විදේශගතවී සිටින අම්බලන්ගොඩ දිල්ශාන් යන අයගේ ප්‍ර‍ධාන ගෝලයෙකි.

    පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එම වැටලීම සිදුකර තිබූ අතර සැකකරු සන්තකයේ හෙරොයින් මත්ද්‍රව්‍ය තිබී සොයාගෙන ඇත.

    දොඩන්ගොඩ පොලිස් වසමේ දොඩන්ගොඩ අධිවේගී මාර්ගයේ පිටවීමේ දොාරටුව ආසන්නයේ දී සිදුකළ වැටලීමකින් සැකකරු අත්අඩංගුවට ගැනුණි.

    පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ 2023.08.15 වන දින තංගල්ල පොලිස් බලප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝතනයක් සිදු කිරීමට අදාළ වෙඩික්කරුවන් එම ප්‍රදේශයට රැගෙන යෑම සහ වෙඩිතැබීම අවසානයේ වෙඩික්කරුවන් රැගෙන ඒම සඳහා ප්‍ර‍වාහන පහසුකම් සපයා ඇත්තේ මෙම සැකකරු විසිනි.

    හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 600ක්, කාර් රථයක්, දුරකථනයක්, ව්‍යාජ අංක තහඩු 02ක් ද සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026012 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.