Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බදු ගැන රජය අසතුටින්
    Featured

    බදු ගැන රජය අසතුටින්

    By LFNAugust 18, 2023No Comments2 Mins Read190 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා රාජ්‍ය බදු ආදායම තීරණාත්මක සාධකයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

    ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී පැවැති උත්සවයකදීය.

    මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා,

    “මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ බදු ප්‍රතිසංස්කරණය ප්‍රධාන අංගයක්. බදු ආදායම බදු ප්‍රතිශත ඉහළ නැංවීම මගින් පමණක් ඉහළ නැංවිය හැකිවන්නේ නැහැ. බදු සංචිතය පුළුල් කිරීම රජයේ බදු ආදායම් ඉහළ නැංවීමේ ප්‍රධානතම ක්‍රියාමාර්ගයක්. නව බදු නීති ක්‍රියාවට නැංවීමත් සමග පසුගිය මාස 6ක මාස 8ක කාලසීමාව තුළ බදු සංචිතයේ වර්ධනය ගැන රජයක් වශයෙන් අපට සතුටු වෙන්න බැහැ. මේ නිසා බදු පරිපාලනය ශක්තිමත් කරලීමට අප පියවර ගන්නවා.”

    ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති ආචාර්ය දුමින්ද හුලංගමුව මහතා,

    “මගේ අදහස නම් බදුකරණය දැන් ඉහළ මට්ටමක පවතින්නේ. අපට වැට් බද්ද 15%කට වඩා වැඩිකරන්න බැහැ. ආදායම් බදු 36%ට වඩා වැඩි කරන්නත් බැහැ. ආයතනික බදු 30%ට වඩා වැඩි කරන්නත් බැහැ. සියලුම ක්ෂේත්‍රයන්වල උපරිම බදු මට්ටම් අප දැන් ක්‍රියාත්මක කරනවා. ඔබ බදු අනුපාත ඉහළ නංවන තරමට, ප්‍රතිලාභ ලැබීම් මෙන්ම ආදායම්ද පහත වැටෙනවා.”

    “එහිදී ආර්ථිකය ආපස්සට යනවා. අනුපාතයේ ගැටලුවක් නැහැ. ගැටලුව තියෙන්නේ වියදම් ඉහළ මට්ටමක පැවතීමයි. ලබන වසරේ මැතිවරණ වසරක් බැවින් මම සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින්නේ, ඔබ ඇවිත් පොහොර නොමිලේ දෙන බවට, සමෘද්ධි දීමනාව රුපියල් දසදහසේ සිට පනස්දහස දක්වා ඉහළ නංවන බවට හෝ ඉන්ධන ලීටරයක් රුපියල් 200කට දෙන බවට පොරොන්දු ලබා නොදෙන ලෙස. ඔබ එසේ කළොත් අප යන්නේ ආපසු සිටි තැනටමයි.”

    මේ අතර රජය අනුගමනය කරන බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව ඊයේ (17) දහවල් ජනාධිපති ලේකම් කාර්යලය අසලට රැස්වුණි.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය, විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් රැසක් ඊට එක්වී තිබුණි.

    කෙසේවෙතත් ඔවුන් සාකච්ඡාවක් සඳහා පැමිණෙන බවට ජනාධිපති ලේකම් කාර්යලය පූර්ව දැනුම්වත් කිරීමක් සිදුකර නොතිබීම හේතුවෙන් පිරිසට එම පරිශ්‍රයට ඇතුළු වීම සඳහා ආරක්ෂක අංශ ඉඩ දී තිබුණේ නැත.

    ඒ අතරවාරයේ අතිරේක ලේකම්වරයෙකු පැමිණ ඔවුන්ට අදාළ බලධාරීන් සමග සාකච්ඡාවක් වෙනත් දිනයක ලබාදෙන බවට පැවසූවත් පිරිස ඉන් සෑහීමකට පත් නොවීමත් සමග අතිරේක ලේකම්වරයා එම ස්ථානයෙන් පිටත්ව ගියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.