LPL තරගාවලියේ අද පැවති තීරණාත්මක තරගයෙන් කොළඹ කණ්ඩායම කඩුලු 8කින් පරාජය කළ ගාල්ල කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.
ඊ තරගයෙන් ලැබූ විශිෂ්ඨ ජයග්රහණයත් ලකුණු ලබාගැනීමේ වේගයත් හේතුවෙන් ගාල්ල කණ්ඩායම ප්රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා පැමිනියේය.
ඒ අනුව පළමු අවසන් පූර්ව තරගයේදී දඹුල්ල කණ්ඩායම සමග ගාල්ල කණ්ඩායම තරගවදිනු ඇති.
මෙම පරාජයත් සමඟ කොළඹ කණ්ඩායමට මෙවර LPL තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
එහිදී ප්රථමයෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු 4කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 74ක් පමණි.
අගනා පන්දු යැවීමක නිරත වූ Tabraiz Shamsi ලකුණු 20කට කඩුලු 4ක් දවාගත් අතර සීක්කුගේ ප්රසන්න කඩුලු 3ක් දවාගැනීමට සමත්විය.
ලහිරු කුමාර කඩුලු 2ක් දවාගත් අතර ෂකිබ් අල් හසන් අවසන් කඩුල්ල දවාගනිමින් කොළඹ ඉනිම අවසන් කළේය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ගාල්ල කණ්ඩායම පන්දුවාර 8යි පන්දු 3කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 75ක් රැස්කරමින් තරගයේ ජය හිමිකරගත්තේය.