සිය දියණිය ඝාතනය කර ඇයගේ සිරුර යතුරුපැදියේ ගැට ගසාගෙන දුම්රිය මාර්ගයක් දක්වා රැගෙන ගිය අමානුෂික පියෙකු සම්බන්ධ පුවතක් ඉන්දිය මාධ්‍ය වාර්තාකර තිබේ.
මෙම අමානුෂික ඝාතනය වාර්තා වන්නේ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිත්සාර් හි මුචල් නම් ගම්මානයෙනි.
සිය 20 හැවිරිදි දියණිය පසුගිය බදාදා (09) දිනයේ කිසිවෙකුටත් නොදන්වා නිවසින් පිටව ගොස් ඇති අතර ඇය නැවත දින දෙකකට පසුව නිවසට පැමිණීමත් සමග මෙම පුද්ගලයා මෙලෙස සිය දියණියට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව වාර්තා වේ.
පසුව මෙම පුද්ගලයා දියණියගේ සිරුර යතුරුපැදියේ ගැට ගසාගෙන මාර්ගයේ ඇදගෙන යන අයුරු මාර්ගය අසල සවිකර තිබූ CCTV කැමරාවක පටිගත වී තිබේ.
ඒ අනුව එම පුද්ගලයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.