ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන්නේ ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ජාතික ක්‍රීඩා සංගම් නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවක් අතරතුරදීය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සහ ලේකම්වරයා ද එක්වී තිබුණි.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 5ක් මේ වනවිට පවත්වා අවසන්ය.