ළමයින් 91 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ළමාරක්ෂක නිලධාරියෙකුට එරෙහිව එරට බලධාරින් විසින් චෝදනා ගොනු කර තිබේ.
ඔහුට එරෙහිව චෝදනා 1,600කට වැඩි සංඛ්‍යාවක් ගොනු කර ඇති අතර, ළමයින් ලිංගික අපයෝජනයට ලක්කර ඒවා රූගත කර අන්තර්ජාලයට මුදා හැරීම එම චෝදනා අතර වේ.
රට පුරා සහ විදෙස්ගතව ද සේවය කර ඇති එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ, 2022 වසරේ දී බව සඳහන්ය.