Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Uncategorized»කොටලීය වැනි අනතුරු යළිත් ඇතිවෙන්න දෙනු එපා
    Uncategorized

    කොටලීය වැනි අනතුරු යළිත් ඇතිවෙන්න දෙනු එපා

    By LFNJuly 13, 2023Updated:July 26, 2023No Comments3 Mins Read630 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කදුරුවෙල සිට අක්කරෙයිපත්තුව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය කොටලීය පාලමේ ගැටී කොටලීය ඔයට පෙරළීමෙන් 11 දෙනකු මරුමුවට පත්ව 40 දෙනකු පමණ රෝහල් ගත කිරීමේ පුවත කන වැකීමෙන් මුළු රටම කම්පා වූයේය. සසල වූයේය.

    ඉකුත් 9 වැනිදා රාත්‍රී 7.30ට පමණ මෙම අවාසනාවන්ත සිද්ධිය වූ අතර ඉන් දෙදිනකට පසුවත් මාධ්‍ය වාර්තා කර තිබුණේ අනතුරෙන් කොටලීය ඔයේ මළසිරුරු ගසාගෙන ගොස් ඇත්දැයි පරීක්ෂා කරන බවය. අනතුරේ බිහිසුණු බව එමගින් මනාව නිරූපිතය.

    ඉපදෙන සැවොම මියයන බව සැබෑවකි. මරණය රැගෙන එන්නේ උපතත් සමගය. එහෙත් ‘‘කාල මරණං – අකාල මරණං’ යනුවෙන් මරණය කොටස් දෙකකට බෙදේ. නිසි ආයු කාලය විඳ මරණයට පත්වීම ‘කාල මරණ’ වන අතර එසේ නොවී මිය යාම අකාල මරණ වේ. කොටලීය ඔයට වැටී මියගිය ජනයා නිසි ආයු කාලය විඳීමෙන් තොරව වෙනත් අයකුගේ නොසැලකිලිමත් බව නිසා මරණයට පත් වූවෝ වෙති. මරණය ඒකාන්ත බව සැබෑ වුව ද මෙලෙස යකඩ තහඩු අතර සිරවී ගංගා ඇළදොළවලට වැටී මියයාම කිසිවෙක් අපේක්ෂා නොකරති.

    කොටලීය අනතුරේ උණුසුම පහව යෑමටත් මත්තෙන් තවත් බස්රථයක් කන්ටේනරයක ගැටී තිබේ. අඹන්පොල දී සිදුවූ එම අනතුරෙන් මියගිය ගණන දෙදෙනෙකි. අනතුරෙන් තුවාල ලැබූ පිරිස අඹන්පොල, ගල්ගමුව හා කුරුණෑගල රෝහල්වලට ඇතුළු කරනු ලැබ සිටිති.

    මහ මගට පිවිසීම දින නියමයක් නැති මරණ සහතිකයක් සාක්කුවට දමා ගැනීමක් බවට පත්ව තිබේ. පුත්තලම සිට නුවරඑළිය දක්වා ධාවනය වූ සුඛෝපභෝගී බස්රථයක් නුවරඑළිය ගම්පොළ මාර්ගයේ පොලේබොඩ ප්‍රදේශයේ දී පෙරළී යාමෙන් අට දෙනකු තුවාල ලබා ඇත. පැය 24ක් තුළ රිය අනතුරුවලින් 16 දෙනකු මියගොස් 98 දෙනකු තුවාල ලබා ඇතැයි මාධ්‍ය වාර්තාවන්හි සඳහන්ය.

    කොටලීය පාලමේ ගැටී ඔයට පෙරලුණ බස්රථයට එම මාර්ගයේ ධාවනය කිරීමට බලපත්‍රයක් නොමැති බව ද වාර්තාවේ. රටේ සෑම මාර්ගයකම ධාවනය කෙරෙන බස්රථ හදිසි පරීක්ෂාවකට ලක් කළ යුතුව තිබේ. බොහෝ බස්රථ ‘යන්තම් ගැට ගසාගෙන’ දුවන බස්රථ බව බැලූ බැල්මට පෙනෙන්නකි. විවිධ වැරැදි නිසා රියැදුරු බලපත්‍රය අත්හිටුවා ඇති පුද්ගලයන් ද රියැදුරු බලපත්‍ර නොගත් පුද්ගලයන් ද බස්රථ ධාවනය කරන බව අනතුරුවලින් පසුව කරන පරීක්ෂණවල දී අනාවරණය වූ අවස්ථා එමටය.

    මෙම තත්ත්වය පාලනය කළ හැකි වන්නේ නිරන්තරයෙන් සිදු කරන පරීක්ෂා කිරීම්වලින්ය. එය බොහෝ දුෂ්කර කටයුත්තක් බවට විවාදයක් නැත. එහෙත් රටේ පොදු මහජනයාගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් කෙතරම් දුෂ්කර වුවද එය ක්‍රියාත්මක කළ යුතුය.

    ටයිටන් සබ්මැරිනය මුහුදු පතුළේ පුපුරා යාමෙන් සිව් දෙනකු මියයාමේ ප්‍රවෘත්තිය තවමත් සමාජයේ කතාබහට ලක්වන මාතෘකාවකි. පුද්ගලයන් සිව්දෙනකු එසේ අකාලයේ මියයාමේ සිද්ධිය මිනිස් හදවත් සසල කිරීමට හේතු විය. එම සසලවීමත්, කම්පාව මහ මග මැරෙන සදාකාලික ආබාධිත භාවයට පත්වන මිනිසුන් සම්බන්ධයෙන් ද නිර්මාණය කරන්නේ නම් රිය අනතුරු අවම කර ගැනීමට එය හේතුවක් වනු ඇත. එහෙත් එය එසේ නොවන බව පෙනේ. නොඑසේ නම් මෙතරම් අනතුරු සිදුවීමට ඉඩ නැත.

    අබලන් මාර්ග, පාලම් පිළිසකර කිරීමට ශතයක්වත් නැතැයි ප්‍රකාශ කළේ ජනමාධ්‍ය හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාය. මෙය වූ කලී ඇඟ හිරිවැට්ටවීමට හේතු වන ප්‍රකාශයකි. එහෙත් තිත්ත ඇත්ත එය ය. රිය අනතුරුවලට රියැදුරන්ගේ නොසැලකිල්ල වාහනවල අබලන් බව මෙන්ම මහා මාර්ගවල නුසුදුසු තත්ත්වය ද හේතු වේ.

    රටේ මහා මාර්ග අමාත්‍යවරයා ප්‍රකාශ කරන පරිදි අබලන් මාර්ග, පාලම් පිළිසකර කිරීමට ශතයක් හෝ නොමැති නම් රටේ ඇති පාරවල්වල ගමන් කළ හැකි වනු ඇත්තේ තව දෙතුන් වසරකි. මෙබඳු රටක ඉපදීමට සිදුවීම සම්බන්ධයෙන් රටේ පොදු ජනයා කෙසේ කල්ගත කරන්නේදැයි සිතා ගැනීම ද මෙවන් අවස්ථාවල දී අසීරු නැත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026

    අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 28,000කට අධික පිරිසකට බලපෑම්

    May 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.