ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්තාන තරගය නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන් හෝටල් කාමර වෙනුවට රෝහල් කාමර වෙන්කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ, තරගය පැවැත්වෙන අහමදාබාද්හී හෝටල් ගාස්තු අසාමාන්‍ය ලෙස ඉහළ දමා තිබීම හේතුවෙනි.
එක් හෝටල් කාමරයකට දිනක් සඳහා ඉන්දීය රුපියල් 50,000 සිට රුපියල් ලක්ෂය දක්වා ගාස්තුවක් අයකරන බව පැවසෙයි.
එබැවින් ක්‍රීඩාලෝලීන් අහමදාබාද්හී රෝහල් කාමර වෙන්කිරීමට පෙළඹී ඇති බව වාර්තා විය.
දෙදිනක් සඳහා රෝහල් කාමරයකට අයකෙරෙන්නේ ඉන්දීය රුපියල් 25,000 ක් 30,000 ක් අතර ගාස්තුවක් බව සඳහන් වේ.
එම ගාස්තුවට පූර්ණ සෞඛ්‍ය පරීක්ෂණයක් ද ඇතුළත් ය.
ඉන්දු – පාකිස්තාන තරගය ඔක්තෝබර් 15 වනදා පැවැත්වීමට නියමිතය.