යුක්රේන යුද ගැටුම් සම්බන්ධයෙන් ඉන්දු – ප්‍රංශ නායකයින් අතර සාකච්ඡා පවත්වා තිබේ.
ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රංශ සංචාරය අතරතුරදීය.
යුක්රේන යුද්ධයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
එමෙන්ම යුක්රේන යුද්ධයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට එල්ල වන බලපෑම පිළිබඳව ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ප්‍රංශ ජනාධිපති අතර සාකච්ඡාවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව යුක්රේන අර්බුදය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් විසඳා ගත යුතු බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.
එමෙන්ම ආහාර සුරක්ෂිතතාවයට දිගින් දිගටම එල්ල වන අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ද නායකයින් දෙපළ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.