Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Uncategorized»ශ්‍රී ලංකන් ගුවන් සේව‍යට විදේශීය ගුවන් නියමුවන්?
    Uncategorized

    ශ්‍රී ලංකන් ගුවන් සේව‍යට විදේශීය ගුවන් නියමුවන්?

    By LFNJuly 15, 2023No Comments2 Mins Read168 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් සියලුම ගුවන් නියමුවන් ඉවත්ව ගියත් විදේශිය ගුවන් නියමුවන් බඳවා ගනිමින් ශ්‍රී ලංකන් ගුවන්සේවය ඉදිරියට පවත්වාගෙන යන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    සිවිල් ගුවන්සේවා අධිකාරියේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේදී ආයතනයේ පරිපාලන තීන්දු ගැනීමට අයෝජකයාට සම්පූර්ණ ඉඩකඩ ලබාදෙන බවයි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,

    ”කොවිඩ් අර්බුදය නිසා සමස්ත ලෝකයේම ගුවන් සේවාවන් අඩාල වුණා. ඒ නිසා ගුවන් යානා බොහෝමයක් බිම නවත්තලා තියන්න සිද්ධ වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් හුඟක් අයට රැකී රක්ෂා නැතිවුණා. ශ්‍රී ලංකා ගුවන් සේවයේ නම් අපි එහෙම කළේ නෑ. අපි ඒ ගුවන් නියමුවන්ට 50%ක පඩි දීලා රඳවගත්තා. කුවේට් ගුවන් සේවයේ එහෙම කොවිඩ් කාලෙ ගුවන් නියමුවන් 70ක් විතර අස් කළා එයාලගෙ ෆ්ලයිට්ස් යන්නෙ නෑ කියලා”

    ගුවන් සමාගමේ ප්‍රතිව්‍යූහගතකරණය හා ගුවන් නියමුවන් ඉවත් වීම පිළිබඳ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා,

    ”තවමත් ගුවන් නියමුවන් 260ක පිරිසක් ශ්‍රී ලංකාවේ රැඳී ඉන්නවා. ඔවුන් ඩුබායි හෝ සිංගප්පූරුවට ගියොත් විශාල වැටුපකට හිමිකම් කියයි. නමුත් ඒ රටවල ජීවන වියදම ඉහළයි. ඒ ගැනත් සංසන්දනය කරන්න. එවැනි සාධකත් බලපානු ලබනවා. අපි නව ගුවන් නියමුවන් සඳහා අයදුම්පත් කැඳවනු ලැබුවා. නමුත් ඇතැම් පිරිසකට මෙරට රැඳී සිටීමට අවශ්‍යයි. නමුත් ඔවුන් ඉවත් වුණොත් නව නියමුවන් විදේශ රටවලින් හෝ බඳවාගෙන ගුවන් සමාගම ඉදිරියටත් පවත්වාගෙන යනවා”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026

    අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 28,000කට අධික පිරිසකට බලපෑම්

    May 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.