Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»පුටින් දැනටමත් යුද්ධය පරාජය වී ඇති බවට බයිඩන්ගෙන් ප්‍රකාශයක්
    International

    පුටින් දැනටමත් යුද්ධය පරාජය වී ඇති බවට බයිඩන්ගෙන් ප්‍රකාශයක්

    By LFNJuly 15, 2023No Comments2 Mins Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විශාල ප්‍රදේශයක පැතිරීම සහ දේපොළ හානියක් සිදුකළ හැකි රටවල් සියයකට වැඩි සංඛ්‍යාවක් තහනම් කර ඇති CLUSTER BOMBS නැත්නම් පොකුරු බෝම්බ අමෙරිකාවෙන් තමන්ට ලැබුණු බව යුක්‍රේනය ප්‍රකාශ කර තිබේ.

    අමෙරිකාව මෙලෙස යුක්‍රේනයට පොකුරු බෝම්බ සපයා ඇත්තේ, ජනපති ජෝ බයිඩන් විසින් ප්‍රකාශයට පත් කළ ඩොලර් මිලියන 800ක නවතම යුදෝපකරණ පැකේජයට අනුකූලවය.

    යුක්‍රේනයට පොකුරු බෝම්බ මේ වනවිට සපයා ඇති බව අමෙරිකානු පෙන්ටගනය ද සනාථ කර ඇත.

    මෙම පොකුරු බෝම්බ රුසියාව විසින් අත්පත් කරගත් යුක්‍රේන ප්‍රදේශවල මිස රුසියාවට එල්ල නොකරන බවට ප්‍රතිඥාවක් ලබාදී ඇතත්, යුක්‍රේනයට එරෙහිව ඊට සමාන අවි යොදාගන්නා බව රුසියාව දැනටමත් ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

    යුද්ධයට දින 500ක් එළැඹී තිබියදී යුක්‍රේනය දියත් කළ ප්‍රතිප්‍රහාර මෙහෙයුම මෙතෙක් කැපී පෙනෙන ජයග්‍රහණ වාර්තා කර නොමැති වීමද මෙලෙස අමෙරිකාව ඔවුන්ට පොකුරු බෝම්බ ලබාදීමට හේතුවක්ද යන්න සංවාදයට ලක්වන කරුණකි.

    මේ අතර නේටෝ සංවිධානයේ නවතම සාමාජිකයා වන ෆින්ලන්තයේ සංචාරයක් සඳහා පැමිණි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේ රුසියානු ජනාධිපති පුටින් යුක්‍රේන යුද්ධය සඳහා න්‍යෂ්ටික අවි භාවිත කරනු ඇතැයි තමන් අපේක්ෂා නොකරන බවය.

    එමෙන්ම යුද්ධය වසර ගණනාවක් ක්‍රියාත්මක වනු ඇති බවට පළ වන මතයන්ද ඔහු ප්‍රතික්ෂේප කර ඇත.

    ජනපති ජෝ බයිඩන් වැඩිදුරටත් සඳහන් කළේ, යුක්‍රේන යුද්ධය රුසියාවට ගැටලුවක් බවට පත්වී ඇති අතර, යුද්ධයෙන් ජනපති පුටින් දැනටමත් පරාජය වී ඇති බවය.

    රුසියාව සමග කිලෝමීටර් 1,300ක දේශසීමාවක් සහිත ෆින්ලන්තය මෑතක් වනතුරුම නේටෝ සංවිධානයට එක්නොවී මධ්‍යස්ථ ආරක්ෂක ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළද රුසියාවේ යුක්‍රේන ආක්‍රමණයෙන් පසු ආරක්ෂාව තර කිරීමටත් නේටෝවට එක්වීමටත් කටයුතු කර තිබේ.

    මේ අතර ප්‍රිගෝසින්ගේ වැග්නර් බළකාය රුසියාව තුළ තවදුරටත් නීත්‍යනුකූලව ක්‍රියාත්මක නොවන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

    රුසියානු ‘කොමර්සන්ට්’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, රුසියාව පෞද්ගලික හමුදා පිළිනොගන්නා අතර, වැග්නර් බළකාය ද ඒ අනුව රට තුළ ක්‍රියාත්මක නොවන බවය.

    කෙසේ නමුත් පසුගිය ජුනි 24 වනදා කැරැල්ලක නිරතවූ වැග්නර් බළකායේ නායක ප්‍රිගෝසින් සහ අනෙක් සන්නද්ධ නායකයන් සමග පසුගිය ජුනි 29 වනදා ජනපති පුටින් සාකච්ඡාවක නිරත වී තිබුණි.

    රුසියාව තුළ වැග්නර් බළකායට කටයුතු කළ හැකි ආකාරය තමා එහිදී පැහැදිලිව ප්‍රකාශ කළ බව ජනපති පුටින් පවසා ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

    July 17, 2026

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 202606 Views

    බෙල්ලන්විල ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.