Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණ ගැන දැනුම්දීමක්

    December 16, 2025

    අසීරු මොහොතේ ශ්‍රී ලංකාවට සහාය වන අයුරු ලෝක බැංකුව කියයි

    December 16, 2025

    අම්බුළුවාව තහනම් නියෝගය දීර්ඝ කෙරේ

    December 16, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»මෙහෙම කළොත් තුන්වැනි ලෝක යුද්ධය ඇතිවෙයි – ට්‍රම්ප්
    International

    මෙහෙම කළොත් තුන්වැනි ලෝක යුද්ධය ඇතිවෙයි – ට්‍රම්ප්

    By LFNJuly 13, 2023No Comments2 Mins Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබාදීමට ජනපති බයිඩන් ගේ පාලනය ගනු ලැබූ තීරණය සියල්ලන් තුන්වැනි ලෝක යුද්ධයක් කරා තවදුරටත් සමීප කරවන බවට හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි.

    සිය “ටෘත් සෝෂල්” සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කළේ ජනපති ජෝ බයිඩන් දැන් සිදුකළ යුත්තේ මෙම විනාශකාරී යුද්ධය නැවැත්වීමට කටයුතු කිරීම බවය.

    එමෙන්ම යුක්‍රේන යුද්ධය සඳහා පොකුරු බෝම්බ ලබාදීමද ඔහුගේ දැඩි විවේචනයට ලක්වුණි.

    එය මානුෂීය මෙන්ම ක්‍රමෝපාය හේතූන් මතද භාවිත නොකළ යුතු බවට ඔහු අවධාරණය කළේය.

    කුඩා බෝම්බ එකක් සිය ගණනකට වෙන්වී විශාල ප්‍රදේශයක පැතිරෙන පොකුරු බෝම්බ දශක ගණනාවකින් වුවද පිපිරීමට ලක්විය හැකිය.

    මේ නිසා ඉදිරි දශක ගණනාවක් පුරා මෙම පොකුරු බෝම්බ අහිංසක යුක්‍රේන වැසියන්ව මරුමුවට පත්කරමින් ඔවුන් ආබාධිතයින් කරමින් විනාශකාරී ප්‍රතිඵල ගෙන දෙනු ඇති බව ට්‍රම්ප් පැවසීය.

    කාලතුවක්කු උණ්ඩ තොග අවසන්වීම නිසා යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබාදෙන බවට ජනපති ජෝ බයිඩන් කළ ප්‍රකාශය ද හිටපු ජනපති ට්‍රම්ප්ගේ විවේචනයට ලක්වුණි.

    මේ ලේ වැගිරෙන, අනතුරුදායක පාලනයකින් තොර යුද්ධය කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාව එමගින් ම පැහැදිලි වන බව හිටපු ජනපති ට්‍රම්ප් කියා සිටියේය.

    ජනපති බයිඩන් යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් උමතුවෙන් මෙන් කටයුතු කරන බවට ද ඔහු චෝදනා කළේය.

    නිමක් නොමැති එම යුද්ධය නිසා අමෙරිකාව දුර්වල වන බවත් තමා බලයට පැමිණිවිට සාමය උදෙසා ශක්තිය යොදවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

    ජෝ බයිඩන් අනවශ්‍ය ලෙස, අනතුරුදායක අන්දමින් සියලුදෙනාව තුන්වන ලෝක යුද්ධයට තල්ලු කරමින් සිටින බවත් එය සිතාගත නොහැකි නපුරු සිහිනයක් බවත් හිටපු ජනපති ට්‍රම්ප් සඳහන් කළේය.

    මේ අතර, අමෙරිකාව යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබා දුනහොත් තමන්ට ද ඊට සමාන අවි යොදා ගැනීමට සිදුවන බව රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගේ ෂෙයිගු ප්‍රකාශ කළේය.

    රුසියාව සතුව ද පොකුරු බෝම්බ ඇති නමුත් යුක්‍රේන යුද්ධයේදී ඒවා මෙතෙක් භාවිත කර නොමැති බව ඔහු සඳහන් කළේය.

    අමෙරිකාව ගත් තීරණයට ඊට වඩා පුළුල් සහ සක්‍රිය ප්‍රතිචාරයක් ලබාදීමට රුසියාවට හැකියාවක් පවතින බව ඔහු අවධාරණය කළේය.

    එමෙන්ම රුසියානු හමුදා, අමෙරිකානු පොකුරු බෝම්බවලින් ආරක්ෂා කරගැනීමට කටයුතු කරන බවත් රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේය.

    අමෙරිකාව විසින් යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබාදීමේ තීරණයට බ්‍රිතාන්‍ය, කැනඩාව සහ ජර්මනිය ද සිය විරුද්ධත්වය පළකර තිබේ.

    මේ අතර නේටෝ සංවිධානය විසින් යුක්‍රේනයට ලබාදෙන නව යුද ආධාර නිසා ගෝලීය සංග්‍රාමයක් ඇතිවීමේ අවදානම ඉහළ යන බව රුසියාවේ හිටපු ජනපති දිමිත්‍රි මෙද්වදෙව් පවසයි.

    යුද්ධය හැරුණුකොට වෙනස් විකල්පයක් බටහිර ලෝකය ඉදිරිපත් කර නොමැති බවත් එහි අවසානය තුන්වැනි ලෝක යුද්ධය විය හැකි බවත් මෙද්වදෙව් සඳහන් කළේය.

    මේ අතර රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැවරොෆ් කියා සිටියේ රුසියාව පැරදවීම අරමුණු කරගත් බටහිර ආකල්පයේ වෙනසක් ඇතිවනතුරු යුක්‍රේන යුද්ධය පවතිනු ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඔස්ට්‍රේලියාවේ වෙඩි තැබීමෙන් මියගිය ගණන තවදුරටත් ඉහළට

    December 15, 2025

    අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

    December 14, 2025

    මෙසී ඉන්දියාවට – කොල්කටා නුවරදී උණුසුම් පිළිගැනීමක්

    December 13, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණ ගැන දැනුම්දීමක්

    December 16, 20250117 Views

    2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා 6 සිට 10 ‍ශ්‍රේණිය දක්වා වාර පරීක්ෂණ පැවැත්වීම…

    අසීරු මොහොතේ ශ්‍රී ලංකාවට සහාය වන අයුරු ලෝක බැංකුව කියයි

    December 16, 2025

    අම්බුළුවාව තහනම් නියෝගය දීර්ඝ කෙරේ

    December 16, 2025

    නාය අවදානමක් හේතුවෙන් බදුල්ලේ රෝහලක් වසා දමයි

    December 16, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.