ජුනි මාසයේ සිට අඛණ්ඩව ඇදහැලෙන මෝසම් වැසි හේතුවෙන් පාකිස්තානයේ ප්‍රාන්ත කිහිපයක ජනජීවිතයට දැඩි බලපෑම් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දැඩි වර්ෂාව හා ඒ හේතුවෙන් පවතින ආපදා තත්ත්වය හමුවේ ඉකුත් පැය 24 දී පමණක් පාකිස්තානයේ පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ.
තුවාල ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 09 ක් ලෙස වාර්තා වෙයි.
ඒ අනුව ජුනි මාසයේ සිට ඇදහැලෙන දැඩි වර්ෂාව හා ඒ හමුවේ පවතින ආපදා හේතුවෙන් මේ වනවිට පාකිස්තානයෙන් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 81ක් දක්වා ද ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. තුවාල ලැබූ සංඛ්‍යාව 151 කි.
තුවාල ලැබූවන් අතර ළමුන් 37 දෙනෙකු සහ කාන්තාවන් 16 දෙනෙකු වෙයි.
වර්ෂාව හා ජල ගැලීම් හමුවේ නිවාස 97 කට පමණ හානි සිදුවී ඇතැයි ද පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.