Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ශ්‍රී ලංකාවට කඩුලු 8ක විශිෂ්ට ජයක්
    Sport

    ශ්‍රී ලංකාවට කඩුලු 8ක විශිෂ්ට ජයක්

    By LFNJuly 8, 2023No Comments3 Mins Read165 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ (07) පැවති තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

    2023 අයිසීසී ලෝක කුසලානයට අදාළ සුදුසුකම් ලැබීමේ තරග වටය මේ දිනවල පැවැත්වෙන්නේ, සිම්බාබ්වේ රාජ්‍යයේදී ය.

    එහි මූලික තරග වටයේ දී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම, සුපිරි හය දෙනාගේ තරග වටය සඳහා සුදුසුකම් ලැබුවේ, ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට ම පැමිණෙමිනි.

    සුපිරි හය දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරගය ඊයේ (07) පැවැත්වුණේ, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර හරාරේ ක්‍රීඩාංගණයේදී ය.

    කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක, පළමුව පන්දුවට පහර දීම සඳහා කොදෙව් නායක ශෙයි හෝප්ට ආරාධනා කළේ ය.

    කොදෙවුවන් වෙනුවෙන් පළමුව පිති අතට ගත් බ්‍රෙන්ඩන් කිං සහ ජොන්සන් චාල්ස්, පළමු කඩුල්ල සඳහා ලකුණු ලකුණු 36ක සබඳතාවක් ගොඩනැඟුවේ, මහීෂ් තීක්ෂණ හට කොදෙව් ඉනිමේ පළමු කඩුල්ල ලියා දෙමිනි.

    ලකුණු 10ක් ලබා සිටි බ්‍රෙන්ඩන් කිං දැවී ගියේ මහීෂ් තීක්ෂණ යොමු කළ පන්දුව කෙලින් ම කඩුල්ලේ දැවටීමෙනි.

    ශමාහ් බෲක්ස් ලකුණු 20ක් ලබා සිටිය දී දෙවන කඩුල්ල ලෙස දැවී ගියේ, මහීෂ් තීක්ෂණගේ ම පන්දුවක් හමුවේයි.

    සුපිරි පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ, ශෙයි හෝප්ව ද ලකුණු දෙකක් පමණක් ලබා සිටිය දී ප්‍රේක්ෂකාගාරය වෙත හරවා යැවීමට සමත් විය.

    කොදෙව් ඉනිමේ සිවු වැනි කඩුල්ල ලෙස ජොන්සන් චාල්ස් ලකුණු 39ක් ලබා සිටිය දී දවා ගැනීමට මතීෂ පතිරණට හැකි විය.

    නිකලස් පූරන් ලකුණු 14ක් ලබා සිටිය දී දැවී ගියේ කණ්ඩායමට අලුතින් කැඳවූ දුෂාන් හේමන්තගේ පන්දුවක් හමුවේය.

    කයිල් මේයර්ස් සහන් ආරච්චිගේ විසින් යොමු කළ පන්දුවකින් ලකුණු 18කට දැවී යද්දී රොස්ටන් චේස් දුෂාන් හේමන්තගේ පන්දුවකට එක් ලකුණක් පමණක් ලබා සිටිය දී දැවී ගියේ ය.

    අට වන කඩුල්ල ලෙස රොමාරියෝ ශෙපර්ඩ් දැවී ගියේ, නැවතත් ක්‍රියාත්මක වූ මහීෂ් තීක්ෂණගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ මැද ඉන්න මත දැවටෙමිනි.

    දැවී යන විට ඔහු ලකුණු 26ක් ලබා සිටියේ ය.

    නව වන කඩුල්ල ලෙස කෙවින් සින්ක්ලෙයාර් ලකුණු 25ක් ලබා සිටිය දී දිල්ශාන් මධුසංකගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

    කොදෙව් ඉනිමේ නැංගුරම බවට පත් වූ කීසි කාති පන්දු 96කින් අගනා ලකුණු 87ක් ලබා ගැනීමට සමත් විය.

    ඔහුගේ ඉනිමට අලංකාර හතරේ පහර 6ක් එක් හයේ පහරක් අන්තර්ගත වූ අතර, කොදෙව් ඉනිමට සවියක් වූ අනෙක් පිතිකරු ලෙස ජොන්සන් චාල්ස් ලකුණු 39ක් ලබා ගත්තේ ය.

    පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ ලකුණු ලකුණු 34කට කඩුලු හතරක් දවා ගැනීමට සමත් වූ අතර, දිල්ශාන් මධුසංක, දසුන් ශානක, මතීෂ පතිරණ හා සහන් ආරච්චිගේ එක් කඩුල්ල බැගින් ලබා ගැනීමට සමත් විය.

    සිය මංගල එක්දින තරගය ක්‍රීඩා කළ දුෂාන් හේමන්ත ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු දෙකක් ලබා ගත්තේ ය.

    ඒ අනුව බටහිර ඉන්දීය කොදෙස් කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 1කදී සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 243ක් පමණි.

    පිළිතුරු ඉනිම සඳහා පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරත්න පිටියට පිවිසි අතර, ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල සඳහා ලකුණු 192ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණි.

    පැතුම් නිස්සංක හතරේ පහර 14ක් සමඟ අගනා ශතකයක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ සඳහා ඔහු වැය කළේ පන්දු 113කි.

    පැතුම්ගේ දැවී යාමෙන් පසු දිමුත් කරුණාරත්නට ද වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට නො හැකි වූ අතර, ඔහු වටිනා ලකුණු 83ක් ලබා සිටිය දී දැවී ගියේ ය.

    ඒ අනුව පන්දුවාර 44යි පන්දු 2කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 244ක් රැස්කරගනිමින් තරගයේ ජය තහවුරු කරගත්තේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.