පාකිස්තානයේ රැකියා වියුක්තිය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
නවතම වාර්තාවලට අනුව පාකිස්තානයේ විරැකියා අනුපාතය සියයට 6.5කි.
පාකිස්තානය මුහුණපා සිටින දරුණු ආර්ථික අර්බුදය හමුවේ එරට ව්‍යාපාර වැසෙමින් පවතින අතර ආයෝජන රට තුළට ගලා ඒම ද සීමාවී ඇති බවද විදෙස් වාර්තා හෙළිකරයි.
එමෙන්ම පාකිස්තානය තුළ සිටින විදෙස් ආයෝජකයින් සිය ආයෝජන ඉවත් කරගැනීම හමුවේ පවතින රැකියා අවස්ථා ද අහිමිවී යන අතර නව රැකියා අවස්ථා බිහිවීම අවමවී ඇති බවද එරට මාධ්‍ය වාර්තා කර ඇත.
අඩු විදේශ විනිමය ගලාඒම හේතුවෙන් උද්ධමනය ඉහළයෑම සහ විදේශ ණය ආපසු ගෙවීම ඇතුළු අවිනිශ්චිත බාහිර හා දේශීය අභියෝග රැසක් පවතින බවද එරට මුදල් අමාත්‍යාංශය ද පවසයි.