වේගපන්දු යවන ක්රීඩක ඩිල්ෂාන් මධුෂංඛ ශ්රී ලංකා සංචිතයට ආදේශ කිරීමට නියමිතය.
ඒ, දුෂ්මන්ත චමීර ආබාධයකට ලක්වී සිටීම හේතුවෙනි.
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මූලික වටයේ තරග සඳහා දුෂ්මන්ත චමීර එක් නොවූ අතර ඔහුව සුපිරි හයදෙනාගේ වටයේදී නැවත කණ්ඩායමට ඇතුළත් කිරීමට ක්රිකට් තේරීම් කමිටුව සූදානමින් සිට තිබුණි.
චමීරගේ ආබාධ තත්ත්වය පූර්ණ වශයෙන් සුව නොවීම හේතුවෙන් ඔහුට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ඉදිරි තරග සඳහාත් සහභාගී විය නොහැකි බව වාර්තා වෙයි.
ඒ අනුව දුෂ්මන්ත චමීර යළි දිවයිනට පැමිණීමට නියමිත අතර ඒ වෙනුවට අතිරේක ක්රීඩකයෙකු ලෙස සිම්බාබ්වේ දේශයට ගොස් සිටින වේගපන්දු යවන ක්රීඩක ඩිල්ෂාන් මධුෂංඛ ශ්රී ලංකා සංචිතයට මෙලෙස ආදේශ කිරීමට නියමිතය.