Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

    October 18, 2025

    ආසියානු සත්සාමාජික රග්බි අවසන් අදියර අද කොළඹදී

    October 18, 2025

    සංචාරක පැමිණීම ලක්ෂ 18 ඉක්මවයි

    October 18, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ලෝක කුසලානය කාටදැයි මුරලි කියයි
    Sport

    ලෝක කුසලානය කාටදැයි මුරලි කියයි

    By LFNJune 29, 2023No Comments1 Min Read108 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලෝක කුසලාන තරග කාලසටහන ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් මෙරට හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් කියා සිටියේ මෙවර ලෝක කුසලානය ඉන්දියාව හෝ එංගලන්තය දිනා ගනු ඇති බවය.

    ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන මුම්බායි නුවරදී ඊයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි.

    එම අවස්ථාවට මුත්තයියා මුරලිදරන් ද එක්වී සිටියේය.

    කණ්ඩායම් 10කගේ සහභාගීත්වයෙන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 5 සිට නොවැම්බර් 19 දක්වා පැවැත්වීමට නියමිතය.

    මූලික වටයේදී සියලු කණ්ඩායම් එක් එක් කණ්ඩායම් සමග තරග වැදීමට නියමිත අතර ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන 4 හිමි කරගන්නා කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.

    ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් සමාරම්භක තරගය 2019 ලෝක කුසලාන තරගාවලියේ ශූරයින් වූ එංගලන්තය සහ අනුශූරයින් වූ නවසීලන්තය අතර අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආසියානු සත්සාමාජික රග්බි අවසන් අදියර අද කොළඹදී

    October 18, 2025

    කාන්තා එක්දින ලෝක කුසලානය අදින් ඇරඹෙයි

    September 30, 2025

    ජයග්‍රහණය කළ ආසියානු කුසලානය ඉන්දීය කණ්ඩායම ප්‍රතික්ෂේප කරයි

    September 29, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,376 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,323 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,557 Views
    Don't Miss

    ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

    October 18, 202506 Views

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. අද (18) දහවල් 12.00ට…

    ආසියානු සත්සාමාජික රග්බි අවසන් අදියර අද කොළඹදී

    October 18, 2025

    සංචාරක පැමිණීම ලක්ෂ 18 ඉක්මවයි

    October 18, 2025

    දකුණු මුහුදේ දී ඇල්ලූ ධීවර යාත්‍රාවේත් කිලෝ 53ක හෙරොයින්

    October 17, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.