අමෙරිකානු කථානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් සිදුවී තිබේ.
ඒ, අග්‍රාමාත්‍යවරයාගේ අමෙරිකානු සංචාරය අතරතුරය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ධවල මන්දිරයේ විශේෂ පිළිගැනීමේ උත්සවයක් සහ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්වුණි.
ඒ සඳහා කථානායකවරයා මෙන්ම අමෙරිකානු කොංග්රස් මණ්ඩලයේ සාමාජිකයින් රැසක් එක්වී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එහිදී අමෙරිකානු කථානායකවරයා පවසා ඇත්තේ අග්‍රාමාත්‍යවරයා හමුවී අත්දැකීම් බෙදාගැනීමට හැකිවීම වැදගත් අවස්ථාවක් බවය.
එමෙන්ම අමෙරිකාව සහ ඉන්දියාව අතර ඉතා ශක්තිමත් සම්බන්ධතාවයක් ඇති බවත්, අග්‍රාමාත්‍ය මෝදි එය වර්ධනය කර ශක්තිමත් කරන බවත් අමෙරිකානු කථානායකවරයා පවසා තිබේ.