Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

    September 10, 2025

    මොරටුව හිටපු නගරාධිපති අත්අඩංගුවට

    September 10, 2025

    හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න යළි රිමාන්ඩ්

    September 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ටයිටැනික් අසල ටයිටන් සුන්බුන් වූ අයුරු
    Featured

    ටයිටැනික් අසල ටයිටන් සුන්බුන් වූ අයුරු

    By LFNJune 23, 2023No Comments3 Mins Read169 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ටයිටැනික් නෞකාවේ සුන්බුන් ගවේෂණයට ගිය ටයිටන් සබ්මැරීනය පුපුරා විනාශවී එහි සිටි මගීන් පස්දෙනාම මියගොස් ඇති බව අමෙරිකානු වෙරළාරක්ෂක සේවය තහවුරු කළේය.

    නමුත් අමෙරිකානු බලධාරීන් පවසන්නේ මියගිය පිරිසගේ මෘතදේහ සොයාගැනීම දුෂ්කරවනු ඇති බවය.

    මගීන් 5දෙනෙකු රැගත් කුඩා ප්‍රමාණයේ ටයිටන් සබ්මැරීනය සමග පෝලාර් ප්‍රින්ස් නෞකාව පසුගිය ඉරිදා ගමන් ආරම්භ කළේ නැගෙනහිර කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් වරායෙනි.

    අත්ලාන්තික් සාගරයේ මීටර් 3,800ක ගැඹුරේ පිහිටි ටයිටැනික් නෞකාවේ සුන්බුන් ගවේෂණය මේ පිරිසගේ අරමුණ විය.

    නමුත් සබ්මැරීනය දියත් කර පැයයි මිනිත්තු 45කදී සියලු සන්නිවේදන සබඳතා බිඳවැටී ඇත.

    එම සිද්ධිය වෙරළාරක්ෂක නිලධාරීන් වෙත දැනුම් දී තිබුණේ ඉන් පැය 8කට පසුවය.

    අනතුරුව සබ්මැරීනය සොයා දින 4ක කාලයක් තිස්සේ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණේ අමෙරිකානු, කැනේඩියානු, ප්‍රංශ සහ තවත් රටවල නාවුක මෙන්ම ගුවන් යානාවල සහායෙනි.

    එමෙන්ම ඒ සඳහා දුරස්ථව ක්‍රියාත්මක කළ හැකි කුඩා යාත්‍රා මෙන්ම රොබෝ යන්ත්‍ර පවා යොදවා තිබුණි.

    ඒ ටයිටන් යාත්‍රාව තුළ ගබඩා කර තිබිය හැකි ඔක්සිජන් අවසන්වීමට පෙර එය සොයාගැනීමේ අරමුණින්ය.

    කෙසේනමුත් ටයිටැනික් නෞකාව අසල මුහුදු පතුලේ තිබියදී යම් යාත්‍රාවක සුන්බුන් සොයාගත් බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය ඊයේ රාත්‍රියේ නිවේදනය කළේ මෙවන් පසුබිමකය.

    සෙවීම් හි නිරත හොරයිසන් ආටික් යාත්‍රාවට අයත් දුරස්ථ මෙහෙයුම් යාත්‍රාවක් මගින් මෙම සොයාගැනීම කර තිබුණි.

    එම සුන්බුන් අතර ටයිටන් සබ්මැරීනයට අයත්, ගොඩබෑමේ රාමුව සහ තවත් කොටස් 5ක් ඇතැයි තහවුරු වූයේ එහි සිටි පිරිස නිරුපද්‍රිතව මුදාගැනීමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමිනි.

    එම සුන්බුන් රැඳී තිබුණේ ටයිටැනික් නෞකාවේ සුන්බුන්වලට අඩි 1,600කට ඈතින් මුහුදු පතුලේ ය.

    මේ අනුව සබ්මැරීනය යම් ලෙසකින් පුපුරා විනාශ වී ඇතැයි ද එහි ප්‍රතිඵලයක් ලෙස එහි ගමන්ගත් පස් දෙනාම ක්ෂණිකව මියගොස් ඇතැයි ද යාත්‍රාව හිමි ඕෂන් ගේට් සමාගම මෙන්ම අමෙරිකානු වෙරළාරක්ෂකයින් ද තහවුරු කළේ ඉන් අනතුරුවය.

    සෝදිසි මෙහෙයුම ආරම්භවීමට පෙරම යාත්‍රාව විනාශ වී තිබෙන්නට ඇතැයි ද ඔවුන් අනුමාන කර ඇත.

    අමෙරිකානු නාවුක හමුදාවට ටයිටන් අතුරුදන් වූ දිනයේදී යම් පිපිරුමක හඬක් ශ්‍රවණය වී ඇතැයි ද මෙහිදී අනාවරණ කර තිබේ.

    එහෙත් සබ්මැරීනය පුපුරා ගිය නිශ්චිත වේලාව හෝ හේතුව ද මෙතෙක් පැහැදිලිව අනාවරණය වී නැත.

    එමෙන්ම වින්දිතයින්ගේ මෘතදේහ සොයාගැනීමට හැකි වේද නැද්ද යන්න ද තහවුරු කළ නොහැකි බව ඔවුන් පවසයි.

    සබ්මැරීනය හිමි ඕෂන්ගේට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටෝල්ටන් රෂ්, බ්‍රිතාන්‍ය බිලියනපති ව්‍යාපාරික හර්මිෂ් හාඩින්, මිස්ටර් ටයිටැනික් ලෙස ප්‍රකට ප්‍රංශ ගවේෂක පෝල් හෙන්රි නාජොලෙට් සහ පාකිස්තාන ව්‍යාපාරික පිය පුතු දෙපළක් වන ෂෙහෙසාදා සහ සුලෙයිමාන් ඩාවුඩ් යන පිරිස ටයිටන් යාත්‍රාව තුළ ගමන් කරමින් සිටියේය.

    ඔවුන්ගේ හදිසි මරණ සම්බන්ධයෙන් ධවල මන්දිරය ද ශෝකය පළකර තිබේ.

    ටයිටන් සොයා සිදුකළ මෙහෙයුම්වලට නාවුක යාත්‍රා 9 ඇතුළු අනෙකුත් යන්ත්‍රෝපකරණ රැසක් යොදවා තිබුණු නමුත් සුන්බුන් හමුවීමත් සමඟ මෙහෙයුම අවසන් කිරීමට තීරණය කර ඇත.

    කෙසේ නමුත් සුන්බුන් අසල සිදුකළ විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසයි.

    අමෙරිකා වෙරළාරක්ෂක බලකායේ රියර් අද්මිරාල් ජෝන් මෝගර්,

    “මෙහෙයුම් හි නිරත විශේෂඥයින් යාත්‍රාවේ පීඩන කුටියට සිදුවූ හානිය හඳුනාගෙන තිබෙනවා. අපි වහාම තහවුරු වූ තොරතුරු සම්බන්ධයෙන් අගතියට පත් පිරිසගේ පවුල්වලට දැනුම් දුන්නා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මොරටුව හිටපු නගරාධිපති අත්අඩංගුවට

    September 10, 2025

    හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න යළි රිමාන්ඩ්

    September 10, 2025

    ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව ගැන යෝජනාවක් කෙටුම්පත් කරයි

    September 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,363 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,300 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,544 Views
    Don't Miss

    ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

    September 10, 20250130 Views

    ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි. එහිදී…

    මොරටුව හිටපු නගරාධිපති අත්අඩංගුවට

    September 10, 2025

    හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න යළි රිමාන්ඩ්

    September 10, 2025

    ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව ගැන යෝජනාවක් කෙටුම්පත් කරයි

    September 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.