නේපාල කණ්ඩායමට එරෙහිව ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයේ ලකුණු 101ක ජයක් ලබාගැනීමට කොදෙව් කණ්ඩායම ඊ සමත්විය.
එම තරගය පැවැත්වුණේ සිම්බාබ්වේ හරාරේ ක්‍රීඩාංගණයේදීය.
ලකුණු 340ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නේපාල ක්‍රීඩකයින් පන්දුවාර 49යි පන්දු 4කදී සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 238ක් පමණි.
පන්දු යැවීමේදී Jason Holder කඩුලු 3ක් දවාගත් අතර Alzarri Joseph, Keemo Paul සහ Akeal Hosein කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්විය.
නේපාලය වෙනුවෙන් Aarif Sheikh ලකුණු 63ක් රැස්කළේය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව් පිතිකරුවන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 339කි.
මෙම ජයග්‍රහණයත් සමග ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ A ඛාණ්ඩය යටතේ තරග වදින කොදෙව් කණ්ඩායම එහි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත්ව ඇත.