Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නතාෂා සැඟවූ රහසක් හෙළිවෙයි
    Featured

    නතාෂා සැඟවූ රහසක් හෙළිවෙයි

    By LFNJune 22, 2023No Comments4 Mins Read332 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නතාෂා එදිරිසූරිය නමැති කාන්තාව සිය ප්‍රකාශය මගින් බෞද්ධ චරිතය සහ බෞද්ධ සාහිත්‍ය අතිශයින් හෑල්ලුවට ලක්කර ඇති බව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (21) ප්‍රකාශ කළේය.

    නතාෂා ජූලි 05 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අන් අයට අපහාස කිරීමට දෙන බලපත්‍රයක් නොවන බවය.

    අන්තර්ජාලය හරහා ආගමික සහජීවනයට බාධා කිරීම සහ වෛරය වැපිරවීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටින නතෂා එදිරිසූරිය සහ ඊට ආධාර අනුබලදීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කළ ප්‍රශ්නගත යූටියුබ් නාලිකාවේ හිමිකරු බෘෘනෝ දිවාකර සම්බන්ධයෙන් වූ නීති කෘත්‍යය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ යළි සලකා බැලුණි.

    එහිදී කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා, මීට පෙර නඩු දිනයේ සැකකරුවන්ගේ නීතිඥයින් කළ ඇප ඉල්ලීමට අදාළ නියෝගය ප්‍රකාශයට පත්කළේය.

    “ඇයගේ නීතිඥයින් කියාසිටියා ප්‍රශ්නගත ප්‍රකාශය සිදුකළ තැනැත්තිය තුළ බෞද්ධ දර්ශනයට අපහාස කිරීමේ චේතනාවක් තිබුනේ නැහැ.. එය හුදෙක් හාස්‍යය දැනවීම අරමුණු කරගත් ප්‍රකාශයක් කියලා. එමෙන්ම මෙම ප්‍රකාශයෙන් කියවෙන්නේ සිදුහත් චරිතය එසේත් නැතිනම් බුදුන් වහන්සේ බුද්ධත්වය ලැබීමට පෙර අවධිය බවත් සැකකාරිය වෙනුවෙන් සිදුකළ කරුණු දැක්වීම්වලදී කියවුණා. මම කියන්න කැමතියි, එම ප්‍රකාශයෙන් බුදුන් වහන්සේගේ ළමා කාලය ඉලක්කවූ බවට කීවත් එහි ගැබ්ව ඇති අපරාධ වරද සුළු කොට සැලකිය නොහැකියි. බුද්ධ චරිතාපදානය බුදුන් වහන්සේ බුදුවීමට සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් (සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්) පෙරුම් පිරීමේ සිට ධාතු පරිනිර්වානය දක්වා දිව යනවා. එබැවින් සිදුහත් චරිතය හුදු තවත් එක් ළමා කාලයක් ලෙස සැලකිය නොහැකියි. මෙම ප්‍රකාශය තුළින් පැහැදිලිව බුදුන් වහන්සේගේ ළමා කාලය හාස්‍යයට ලක්කර තිබෙනවා.”

    මෙහිදී මහෙස්ත්‍රාත්වරයා සැකකාරිය සිදුකර ඇති වරදේ ස්වභාවය උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති ඔස්සේ ද පැහැදිලි කළේය.

    “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 වැනි පරිච්ඡේදයේ 09 වැනි ව්‍යවස්ථාව තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමා තිබෙනවා. එවැනි වටපිටාවක තමයි බුද්ධ චරිතයට නිගරු කර තිබෙන්නේ. බොහෝ දෙනෙක් භාෂණයේ අයිතිය පිළිබඳ කතා කරනවා. මම කියන්න කැමතියි.. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි ව්‍යස්ථාව තුළ භාෂණයේ නිදහස තහවුරු කළ ද, 15 (2) ව්‍යවස්ථාව තුළින් ඊට සීමා පනවා තිබෙනවා. මලල්ගොඩ එරෙහි නීතිපති නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළා, ‘භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අන් අයට අපහාස කිරීමට දෙන බලපත්‍රයක් නෙවෙයි’ කියලා.”

    සැකකාරිය විසින් සිදුකර ඇති වරද 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතට නොවැටෙන බවට නීතිඥයින් කළ කරුණු දැක්වීම සම්බන්ධයෙන්ද මහෙස්ත්‍රාත්වරයා අධිකරණයේ මතය පැහැදිලි කළේය.

    “ප්‍රශ්නගත ප්‍රකාශය තුළ බෞද්ධ චරිතය සහ බෞද්ධ සාහිත්‍ය අතිශයින් හෑල්ලුවට ලක්වී ඇති බව අධිකරණයේ මතයයි. අදාළ ප්‍රකාශය තුළින් බෞද්ධ ජනකොටස් අතෘප්තියට පත්වීම හා ඔවුන් තුළ නොසන්සුන්තාවයක් ඇතිවීම නිරායාසයෙන්ම.. අනික් ආගම් කෙරෙහි එදිරිවාදිකම්වලට පොළඹවනවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙවැනි සුළු ප්‍රකාශ මත පදනම්ව ආගම් අතර ගැටුම් ඇතිවූ අවස්ථා දැකගන්නට පුළුවන්. එමෙන්ම මෙම වරද නතාෂා එදිරිසූරිය චේතනාන්විතව සිදුකර ඇති බව පෙනී යනවා. ප්‍රශ්නගත වැඩසටහනේ අනෙකුත් සියලු ඉදිරිපත් කිරීම්වල පිටපත් සඳහා ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයෙන් අවසර ගෙන තිබුණත්, මෙම සැකකාරිය පමණක් නීති කෘත්‍යයට අදාළ ප්‍රශ්නගත කොටස ඇතුළත් පිටපතට අවසර ගෙන නැහැ. එමෙන්ම ඇය සිය ප්‍රකාශ තුළ පිළිගෙන තිබෙනවා.. පිටපත ලිව්වේ තමා බවත් ඇය විසින්ම පෙර පුහුණුවීම් සිදුකළ බවත්. එබැවින් තම පිටපත ඇය විසින් ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයට ඉදිරිපත් නොකිරීම තුළ හිතාමතාම, දැන දැන මෙම වරද සිදුකර ඇති බව ගම්‍ය වෙනවා.”

    අනතුරුව සැකකාරිය පිළිබඳ ඇප නියෝගය මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශයට පත්කළේය.

    “කරුණු සියල්ල සලකාබැලීමේදී සැකකාරිය ICCPR පනතේ 3 (1) යටතට ගැනෙන වරදක් සිදුකර ඇති බව අධිකරණයේ මතයයි. එම පනත යටතේ සැකකරුවෙකු ලෙස නම් කරනු ලබන හෝ චෝදනා ලැබු තැනැත්තෙකුගේ ඇප සලකාබැලීය හැක්කේ මහාධිකරණයට පමණයි. ඇය විමර්ශන ඇරඹු අවස්ථාවේම අධිකරණය මඟහැර විදෙස්ගතවීමට උත්සාහ කිරීම තුළ ඇප පනතේ 14 (1) වගන්තිය උල්ලංඝනය වී තිබෙනවා. ඒ අනුව සැකකාරියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන මෙම අධිකරණය ඇය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනවා.”

    අනතුරුව බෘෘනෝ දිවාකර සම්බන්ධයෙන් වූ ඇප අයැදීම සම්බන්ධයෙන් නියෝගය මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශයට පත්කර තිබුණි.

    “මෙම සැකකරුට එරෙහිව ගොනුකර ඇති චෝදනාව තමයි පළමු සැකකාරිය සිදුකළ ප්‍රකාශය ප්‍රචාරය කිරීම සහ ඊට ආධාර අනුබල දීම. පළමු සැකකාරියට එල්ල වන චෝදනාවලට අදාළ වරද සිදුකර ඇත්තේ ඇය විසින්. නමුත් එම වරදට දෙවැනි සැකකරු ආධාර අනුබල දුන් බවට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නැහැ. එබැවින් ඔහුට එරෙහිව ICCPR පනත යටතේ චෝදනා ගොනු කළ නොහැකියි. දණ්ඩ නීති සංග්‍රහය සහ පරිගණක අපරාධ පනත ප්‍රකාරව ඔහුට එරෙහිව ගොනුකර ඇති වැරදි ඇප ලබාදිය හැකි වැරදි බැවින් ඔහු ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කරනවා.”

    ඒ අනුව සැකකාර බෘෘනෝ දිවාකර රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරීමට නියෝග කළ අධිකරණය ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.