ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවටයේ තවත් තරගයක් අද (20) සිම්බාබ්වේ සහ නෙදර්ලන්තය අතර හරාරේ නුවරදී පැවැත්වුණි.
එම තරගයේදී කඩුළු 06 ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.
පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම සිය පන්දු ඕවර 50දී කඩුලු 6ක් දැවී ලකුණු 315ක් රැස්කළේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ සිම්බාබ්වේ පන්දුවාර 40යි පන්දු 5ක් අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 319ක් වාර්තා කරමින් සිය ජයග්රහණය හිමිකර ගත්තේය.
මේ අතර අමෙරිකාව සහ නේපාලය අතර හරාරේ හිදී අද (20) පැවති තරගයෙන් කඩුළු 06ක ජයක් වාර්තා කිරීමට නේපාලය සමත්විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් අමෙරිකා කණ්ඩායම පන්දුවාර 49කදී සියලුදෙනා දැවී ලකුණු 207ක් රැස්කළේය.
නේපාල කණ්ඩායම පන්දුවාර 43ක් අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 211ක් ලබා සිය ජයග්රහණය වාර්තා කර තිබුණි.