Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය අද ඇරඹෙයි
    Sport

    සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය අද ඇරඹෙයි

    By LFNJune 18, 2023No Comments1 Min Read179 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය (18) සිම්බාබ්වේ දේශයේදී ආරම්භ වෙයි.

    සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබනු ඇති.

    එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය සිම්බාබ්වේ හිදි පැවැත්වෙන අතර ඒ සඳහා කණ්ඩායම් 10ක් කාණ්ඩ දෙකක් යටතේ තරග වදී.

    තරග 34කින් සමන්විත තරගාවලියේ තරග හරාරේ සහ බුලවායෝ හිදී පැවැත්වීමට නියමිතය.

    තරගාවලියට එක්වන කණ්ඩායම් දහයේ නායකයින් අද කුසලානය සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.

    සුදුසුකම් ලබාගැනීමේ වටයේ A කාණ්ඩය යටතේ සත්කාරක සිම්බාබ්වේ, නේපාලය, බටහිර ඉන්දීය කොදෙව්, නෙදර්ලන්තය සහ අමෙරිකාව තරග වදී.

    බී කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඕමානය, අයර්ලන්තය සහ ස්කොට්ලන්තය තරග වැදීමට නියමිතය.

    හෙට ආරම්භ වන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග වටයේ වඩාත් අවධානය දිනාගන්නා ක්‍රීඩකයින් 10 දෙනා ICC ය විසින් නම් කර ඇති අතර ඊට මතීෂ පතිරණ ද ඇතුළත් ය.

    සුදුසුකම් ලැබීමේ තරග වටය ආරම්භ කරමින් පළමු තරගය හෙට පැවැත්වෙන්නේ, සත්කාරක සිබ්බාවේ සහ නේපාලය අතරය.

    ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය ලබන සඳුදා එක්සත් ආරාබි එමීර් රාජ්‍යය සමග පැවැත්වෙයි.

    මෙම තරගය මෙරට වේලාවෙන් දහවල් 12.30ට ආරම්භ වනු ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026

    FIFA ප්‍රවේශපත්‍ර මිල ගණන් ගැන විමර්ශනයක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.