ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක අතර හමුවක් සිදුවී තිබේ.
ඒ අමෙරිකානු ආරක්ෂක උපදේශකවරයාගේ ඉන්දීය සංචාරයට සමගාමීවය.
ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෝවාල්ගේ ආරාධනයකට අනුව එම සංචාරය සිදුකර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දෙරටේ ජාතික ආරක්ෂක උපදේශකවරුන් අතර පැවැති හමුවේ දෙරටටම වැදගත් කරුණු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි ද සඳහන් ය.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් ද අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශකවරයා ඉන්දීය රජයේ බලධාරීන් සමග සාකච්ඡා කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.