දරුවන්ගේ ආකල්ප වර්ධනය කරන්න පුළුවන් හොඳම පරිසරය නිවස සහ පාසලයි.
එය එසේ වුවත් පසුගිය සති කිහිපය පුරා ඇතැම් දරුවන්ගේ අනිසි ක්‍රියාගැන නිරන්තරයෙන් වාර්තා විය.
ලංකා ගුරු සංගමය පවසන්නේ මේ තත්ත්වයට පාසල් ගුරුවරු ඇතුළු අධ්‍යාපන බලධාරීන් ද වගකිව යුතු බවය.
සුදු ඇඳුමෙන් සැරසුණු දරුවන් දකින ඕනෑම කෙනෙක්ට හිතෙන්නේ ආයේ පාසල් යන්න ඇත්නම් යනුවෙනි.
ඒ පාසල් කාලය එතරම්ම ම සුන්දරය.
නමුත් ඒ සුන්දරත්වය විවිධ දරුවන් අවබෝධ කරගෙන තියෙන්නේ, එය විඳින්නේ විවිධ ආකාරයෙනි.
පසුගියදා පැවති සාමාන්‍ය පෙළ විභාගය අතරේ බොහෝදෙනෙකුගේ කතාබහට ලක්වූ දසුන් සහ සේයා රූ කිහිපයක් සමාජ මාධ්‍යවල සංසරණය විය .
ඇතැම් පාසල්, විභාගයට මුහුණ දෙන්න පාසලට එන දරුවන්ට ආශිර්වාද කරන්නට දිරි දෙන්නට පියවර ගෙන තිබුණි.
සමහර දරුවන් විභාගයෙන් පසු, තමන්ට අකුරුකරන්නට සවියක් වූ පාසලටත්, ගුරුවරුන්ටත් සිය ගෞරවය පුදකර තිබුණි.
එසේම තවත් දරුවන් පිරිසක් විභාගයෙන් පසු, තමන් අකුරු උගත් පාසලේ භෞතික සම්පත්වලට හානි කර ගොස් තිබූ අයුරුද එම ඡායාරූප සහ වීඩියෝ දර්ශනවල පටිගතව තිබුණි.
තමන්ට අකුරු කියාදුන් ආදරණීය ඉස්කෝලෙට එහෙම හානියක් කරන්න දරුවන්ට සිතෙන්නේ කෙලෙසද?
දරුවන් මෙලෙස ක්‍රියාකිරීම සම්බන්ධයෙන් මනෝ වෛද්‍යවරු සහ ගුරු සංගම් දරන්නේ මෙවන් අදහසකි.