ඉන්දු – ඔස්ට්‍රේලියා මිත්‍රශීලී සහ උණුසුම් සබඳතාවලට හානි කරන අන්තවාදී පිරිස්වල කිසිදු ක්‍රියාමාර්ගයක් රටක් ලෙස කිසිසේත් පිළිනොගන්නා බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසයි.
ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරතවී සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඔස්ට්‍රේලියාවේ පිහිටි හින්දු ආගමික සිද්ධස්ථාන වෙත ප්‍රහාර එල්ලවීම සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරමින් මේ බව පවසා ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රාජ්‍ය නායකයින් දෙපළ හමුවී පැවැති ද්විපාර්ශවික සාකච්ඡාවලදී ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සහතික වී ඇත්තේ එවැනි සිද්ධීන්වලට සම්බන්ධ පිරිස්වලට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවටය.
ඔස්ට්‍රේලියාවේ සිටින ඉන්දියානු ප්‍රජාවගේ ආරක්ෂාව සුරක්ෂිත කරන බවට ද ඔස්ට්‍රේලියානු රජය ඉන්දියාවට පොරොන්දු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.