ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු සහ අස්ගිරි මහානායක ස්වාමීන්වහන්සේලා බැහැදැක තිබේ.
අද (20) පෙරවරුවේ මහනුවරට ගිය ජනාධිපතිවරයා එහිදී මහානායක හිමිවරුන් බැහැ දැක ආශීර්වාද ලබා ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ, එළඹෙන ජපාන සංචාරයේදී ථෙරවාදී බුදුදහම අධ්‍යයනය කිරීමට මහා විහාර විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ජපානයේ ආධාර ලබාගැනීමට තමන් බලාපොරොත්තු වන බවය.