Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කුෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    October 20, 2025

    ඉෂාරාට නවාතැන් දුන් මතුගම නිවසේ හිමිකාරිය රිමාන්ඩ්

    October 19, 2025

    තුන්කොන් සටනින් ඉවත් වූ ඇෆ්ගනිස්තානය වෙනුවට සිම්බාබ්වේ එයි

    October 19, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»ජනපති තරුණයින්ගේ අදහස් සහ යෝජනා ඉල්ලයි
    Political

    ජනපති තරුණයින්ගේ අදහස් සහ යෝජනා ඉල්ලයි

    By LFNMay 20, 2023No Comments3 Mins Read173 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙනයාමේ වැඩපිළිවෙල වේගවත් කිරීම පිළිබඳ මසක් තුළ වර්තාවක් ලබාදෙන ලෙස විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට තමා උපදෙස් ලබාදුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ආදායම් අය කරගැනීම සඳහා ස්ථාපිත කර ඇති ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය හෙවත් රැමිස් (RAMIS) පද්ධතිය පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ 1993 වසරේ අග්‍රාමාත්‍යවරයා ලෙසද තමා ඒ පිළිබඳ සාකච්ඡා කළ බවය.

    නමුත් 2023 තවමත් ඒ පිළිබඳ සාකච්ඡා කරමින් සිටීම කනගාටුවට කරුණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට ඩිජිටල් ආරථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙල කිසිසේත් ප්‍රමාද කළ යුතු නැති බවත් එය වේගවත් කරන තරමට ප්‍රතිඵල අත්කරගත හැකි බවත් කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    “අප දැන් සිටින්නේ ඊ-වාණිජ්‍ය යුගයකයි, එහෙත් අපේ රට තුළ ඊ-වාණිජ්‍ය ආරම්භ කිරීම ප්‍රමාද වුණා. මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලිය ආරම්භ කර වේගවත් කරන්නේ කෙසේද සහ ඒ සඳහා මාර්ගය සකස් කරන්නේ කෙසේද යන්න පිළිබඳව රාජ්‍ය අමාත්‍යතුමාත්, මමත්, ලේකම්තුමාත් තවත් නිලධාරීන් කිහිප දෙනෙකුත් එක්ව සාකච්ඡා කළා. ඒ අනුව ඩිජිටල් ආර්ථිකය සම්බන්ධයෙන් වාර්තාවක් මාසයක් ඇතුළතදී ලබාදෙන ලෙස මම ඔවුන්ට දැනුම් දුන්නා.”

    “රට තුළ ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීම සඳහා අවශ්‍ය සෑම උත්සාහයකම අප නිරත වෙනවා. අපිට අමුතුවෙන්ම මෙම ක්‍රියාවලිය ප්‍රතිනිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා කියා මම හිතන්නේ නැහැ. මොකද දකුණු ඉන්දියාවේ, තමිල්නාඩුවේ මේ තාක්ෂණික පද්ධතිය අපට පහසුවෙන් භාවිතා කළ හැකි වේවි කියා මම හිතනවා. මේ සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීමට මම සූදානම්. ශ්‍රී ලංකාවේ අප බොහෝ දෙනෙක් කතා කරන දෙමළ සහ ඉංග්‍රීසි ඔවුන්ට අදාළ භාෂා වන නිසා තවදුරටත් අපට වැඩ කිරීම ඉතා පහසු වෙනවා.”

    ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) උදාහරණයට ගත් විට මම 1993 අගමැති ලෙස කටයුතු කරන විටද ඒ පිළිබඳව කථා කළා. නමුත් 2023ත් අප තවම ඒ පිළිබඳ සාකච්ඡා කරනවා. ඒ අනුව හිතාගන්න පුළුවන් අප මෙම කටයුතු සඳහා කොපමණ කාලයක් ගත කර තිබෙනවාද කියා. මට වගේම පාර්ලිමේන්තුවට ද අවශ්‍යව ඇත්තේ RAMIS ඇතුළු රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ කටයුතු මේ වසර අවසන්වන විට අවසන් කිරීමටයි. වේගවත් ගමනක් යන තරමට එය වඩා ප්‍රතිඵලදායකයි.”

    “ඩිජිටල් ආර්ථිකය සහ හරිත ආර්ථිකය සමග අප සමාන්තරව ගමන් කළයුතුයි. අද ආසියාවේ හරිත ආර්ථිකය ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා. ඒ ව්‍යාපාරය ඩොලර් ට්‍රිලියන 5ක් වටිනවා. දැන් අපට ට්‍රිලියන 5ක් අවශ්‍ය නැහැ. බිලියන කිහිපයක් ලැබුනා නම් ඇති. එසේ නම් මෙම වැඩපිළිවෙල සමඟ අප ඩිජිටල් යුගයට ගමන් කරමු. ඒ සඳහා අපි කිසිසේත්ම පසුබට විය යුතු නැහැ.,

    “මෙය ආරම්භය පමණයි. ඩරාස් හි සේවය කරන ඔබ සියලු දෙනාම එම ඩිජිටල් ආර්ථිකය ගොඩනැගීමට අපට සහාය වනු ඇතැයි මම විශ්වාස කරනවා. මේ සම්බන්ධයෙන් ඔබට කිසියම් අදහසක් ඇත්නම් රාජ්‍ය අමාත්‍යවරයාට ලබා දෙන ලෙස මම ඉල්ලා සිටිනවා.”

    “කථානායක මහින්ද යාපා අබේවර්ධන, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ඩරාස් ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ රඛිල් ප්‍රනාන්දු, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරුන් සහ ඩරාස් ප්‍රධාන මුලස්ථානයේ කාර්යමණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.”

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ 08, ඇල්විටිගල මාවතේ ස්ථාපිත කෙරුණු ඩරාස් ප්‍රධාන මුලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට (18) පස්වරුවේ එක් වෙමිනි.

    ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය වේගවත් කිරීම සඳහා සැබෑ “ඊ -වාණිජ්‍ය” යුගයේ ආරම්භය සනිටුහන් කරමින් ඩරාස් ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම පිළිබඳව අලිබබා සමාගම වෙත සිය ස්තූතිය පළ කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වතු කම්කරු වැටුප් වැඩිකිරීම ගැන ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

    October 14, 2025

    මහින්ද මෛත්‍රී වෙඩි නොවදින වාහන ඉල්ලති

    October 12, 2025

    අගමැති හරිනි චීනය බලා පිටත්ව යයි

    October 12, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,376 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,323 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,557 Views
    Don't Miss

    කුෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    October 20, 202502 Views

    ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සිරිමුතු උයන නිවාස සංකීර්ණය ආසන්නයේදී සිදු කළ වැටලීමක දී කුෂ් කිලෝ 09…

    ඉෂාරාට නවාතැන් දුන් මතුගම නිවසේ හිමිකාරිය රිමාන්ඩ්

    October 19, 2025

    තුන්කොන් සටනින් ඉවත් වූ ඇෆ්ගනිස්තානය වෙනුවට සිම්බාබ්වේ එයි

    October 19, 2025

    ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

    October 18, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.