පාකිස්තානය සම්බන්ධයෙන් පවතින අවම විශ්වාසය නිසා ණය මුදල් අනුමත කිරීම සඳහා තවත් සහතිකයන් ඉදිරිපත් කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පාකිස්තානයට දැනුම්දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ජුනි මාසය වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත අමෙරිකානු ඩොලර් බිලියන 3.7ක ණයක් ආපසු ගෙවීමේ සැලස්ම ඉදිරිපත් කරන ලෙස පාකිස්තානයෙන් ඉල්ලා ඇති අතර එහිදී මිත්‍ර පාර්ශ්ව රටවල ශක්තිමත් සහයෝගයක් ද පෙන්වීමට අවශ්‍ය බවය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් තහවුරු කරගැනීමේ උත්සහයක් ලෙස පාකිස්තානයට අතරමැදි අයවැයක් හරහා රුපියල් බිලියන 170ක් බදු අය කරගැනීමේ සැලසුමක් තිබූ අතර එම අයවැය පෙබරවාරි 09 වනදා ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබුණු බවද විදෙස් මාධ්‍ය පවසයි.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ පාකිස්තානයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කඩිනමින් කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුමට එළඹීමට නොහැකි වුවහොත් ජාත්‍යන්තර මුල්‍ය ආයතනවලින් අරමුදල් ලබාගැනීමටද බලපෑම් එල්ලවනු ඇති බවය.