Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රු.100 වතුර බෝතලේ රු. 450කට විකුණලා| මාතර හෝටල් දෙකක් රු.ලක්ෂ 10ක් දඩ කයි

    May 14, 2026

    සැකකරුවන්ට මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීට ඉඩ දුන් කොස්තාපල්වරු දෙදෙනෙකුගේ වැඩ තහනම්

    May 14, 2026

    ඇල්ලට එන ආදරවන්තයින්ට කරදර කළ අපරාධකරුවන් අත්අඩංගුවට

    May 14, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හිරුණිකාගේ කාර්යාලය තුළදී වෙච්ච දේ
    Featured

    හිරුණිකාගේ කාර්යාලය තුළදී වෙච්ච දේ

    By LFNMay 10, 2023No Comments4 Mins Read287 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය ඊයේ (09) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ කෙරුණි.

    ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේදීය.

    2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදී අයුතු ලෙස සිරකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට චෝදනා එල්ලවී තිබේ.

    එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් පැහැරගෙන යාමට ලක්වූ බව කියන අමිල ප්‍රියංක අමරසිංහ නමැත්තා කියා සිටියේ 2015 වසරේ තමා දෙමටගොඩ ප්‍රදේශයේ රෙදිපිළි වෙළෙඳසැලක සේවය කළ බවය.

    එම වෙළඳසැලට චමිලා ගීතානි නමැත්තිය වරින් වර පැමිණි බවත් පසුව ඇය සමග තමා සම්බන්ධයක් ඇතිකර ගත් බවත් සාක්ෂිකරු සඳහන් කර තිබේ.

    තමා දෙදරු මවක් බවත් තමාට තම සැමියාගෙන් හිරිහැර සිදුවන බවත් චමිලා තමන්ට ප්‍රකාශ කර තිබුණේ යැයි ද සාක්ෂිකරු පවසා ඇත.

    පසුව සැමියා සමග ජීවත්වීමට අපහසු නිසා ඔහුගෙන් ඉවත්වී ඇය තමා සමඟ ජීවත්වීමට පැමිණි බවත් සාක්ෂිකරු ප්‍රකාශ කර තිබේ.

    ඒ අනුව 2015 වසරේ දෙසැම්බර් මස 20 වනදා කොටිකාවත්ත ප්‍රදේශයේ කාමරයක් ගෙන තමා සහ ඇය පදිංචියට ගිය බවත් සාක්ෂිකරු සඳහන් කරයි.

    දෙසැම්බර් මස 21 වනදා තමා වෙළෙඳසැලේ සේවය කරමින් සිටියදී පුද්ගලයින් තුන්දෙනෙකු පැමිණ තමාට කතා කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කිරීම නිසා තමා ඔවුන් සමඟ වෙළ‍ෙඳසැල පිටත පිහිටි ආරක්ෂක කුටිය ආසන්නයට ගිය බව සාක්ෂිකරු සඳහන් කර ඇත.

    එම අවස්ථාවේදී එක් පුද්ගලයකු තමාගේ කමිස කොලරයෙන් අල්ලාගත් බවත් තවත් පුද්ගලයින් දෙදෙනෙකු “යමං යමං” යනුවෙන් සඳහන් කරමින් තමාව තල්ලු කරගෙන ගොස් නවතා තිබූ කළු පැහැති ඩිෆෙන්ඩරයක් තුළට දැමූ බවත් සාක්ෂිකරු සඳහන් කර තිබේ.

    එසේ පැමිණි පුද්ගලයින් සමග චමිලා නමැත්තියගේ සැමියා සහ ඇයගේ කුඩා දියණිය සිටි බවත් සාක්ෂිකරු පෙන්වා දෙයි.

    පසුව ඩිෆෙන්ඩරය දෙමටගොඩ දෙසට ගමන් කිරීමට ආරම්භ කළ අතර ඒ තුළ සිටි පිරිස් තමන්ගේ මුහුණට සහ බඩට පහරදුන් බවත් ඒ නිසා තම කමිසය ඉරී ගිය බවත් සාක්ෂිකරු වැඩිදුරටත් පවසයි.

    අනතුරුව පිරිස ඩිෆෙන්ඩරයෙන් තමාව කොළොන්නාවේ පිහිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ කාර්යාලයට රැගෙන ගිය අතර එහි විශාල සෙනඟක් සිටි බවත් සඳහන් කළ සාක්ෂිකරු එම අවස්ථාවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද කාර්යාලයේ සිටි බවත් සාක්ෂිකරු පවසා තිබේ.

    පසුව අසුන්ගෙන සිටි ස්ථානයෙන් නැඟිට මේසයක් මත වාඩිවූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය “මෙයාද මෑන්” යනුවෙන් පැමිණසිටි පිරිසගෙන් විමසූ බවද ඔහු සඳහන් කර ඇත.

    පසුව තමාව රැගෙන ආ පිරිස “මෙයා තමයි මෑන්” කියා සඳහන් කර තිබේ.

    එහිදී තමා අසලට පැමිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය චමිලා සමග සම්බන්ධයක් තිබේදැයි විමසූ බවත් තමා එවැනි සම්බන්ධයක් තිබෙන බව ප්‍රකාශ කළ බවත් සාක්ෂිකරු කියා සිටියේය.

    “චමිලාගේ මහත්තයා මට දේශපාලන වශයෙන් ගොඩක් උදව් කරලා තියෙනවා. ඒකයි එක්ක එන්න කිව්වේ.” යනුවෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තමන්ට එහිදී පැවසූ බවත් සාක්ෂිකරු සඳහන් කරයි.

    පසුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස සිනාසෙමින් තමන්ව විහිලුවට ගත් බවත් සාක්ෂිකරු අධිකරණයේදී පවසා තිබේ.

    පසුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තමාට කතා කොට චමිලාව එක්කන් එන්න හැකිදැයි විමසූ බවත් එහිදී තම ඇයව කැඳවාගෙන ඒමට පොරොන්දු වූ බවත් සාක්ෂිකරු ප්‍රකාශ කර ඇත.

    “එක්කං එන්න ඕන. හැංගෙන්න ලෑස්ති වෙන්න එපා. මට බලය තියෙනවා. යාපනයේ හැංගිලා හිටියත් මං උස්සනවා.”යනුවෙන් එම අවස්ථාවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන්ට ප්‍රකාශ කළ බවද සාක්ෂිකරු සාක්ෂි දෙමින් කියා තිබේ.

    පසුව තම ජාතික හැඳුනුම්පත හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ පිරිස සිය භාරයට ගත් අතර තමා ගොස් චමිලා කැඳවාගෙන ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ කාර්යාලයට යළි පැමිණි බවත් සාක්ෂිකරු පෙන්වා දී ඇත.

    පසුව චමිලා සහ ඇයගේ සැමියා කාර්යාලය තුළ පුටුවල වාඩිකර ඇති අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැමිණ සැමියාගෙන් ඉවත්වී ගියේ ඇයිදැයි චමිලාගෙන් විමසූ බවත් සාක්ෂිකරු පවසා තිබේ.

    එම අවස්ථාවේදී ඊට පිළිතුරු දුන් චමිලා “මෙයත් එක්ක ජීවත් වෙන්න බෑ. අනවශ්‍ය වීඩියෝ පෙන්නනවා. ඒ වගේ ඉන්න කියනවා.”යනුවෙන් ප්‍රකාශ කළ බව සාක්ෂිකරු පවසා ඇත.

    එම අවස්ථාවේදී සිනාසුනු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර “ඒවා සාමාන්‍ය දේවල්. ඒවා හැමෝම බලනවා. අපේ ෆෝන්වලත් ඕවා තියෙනවා.” යනුවෙන් සඳහන් කරමින් සිනාසුනු බවත් සාක්ෂිකරු සාක්ෂි දෙමින් සඳහන් කර තිබේ.

    තමාව පැහැරගෙන යාම සම්බන්ධයෙන් තම වෙළෙඳසැලේ හිමිකරු විසින් පොලීසියට පැමිණිල්ලක් කළ බවත් එම පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ කාර්යාලයේ සිටි පුද්ගලයින් තමන්ට තර්ජනය කළ බවත් සාක්ෂිකරු කියා තවදුරටත් පෙන්වා දී ඇත.

    ඉන් පසුව තමා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ කාර්යාලයෙන් පිටව ආ බව සඳහන් කළ සාක්ෂිකරු තම සේවා ස්ථානයට ගොස් එහි හිමිකරු සමඟ පොලීසියට ගොස් පැමිණිල්ලක් කර කටඋත්තර ලබාදුන් බවද සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    ඉන් අනතුරුව නඩුවේ වැඩිදුර විභාගය ජුනි මස 01 වනදා තෙක් කල් තැබුණි.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආධාරකරුවන් 08 දෙනා 2017 වසරේ අධිකරණය හමුවේ වරද පිළිගත් අතර ඔවුන්ට කොළඹ මහාධිකරණය විසින් අත්හිටවූ සිරදඬුවම් සහ දඩ මුදල් නියම කරනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනිය සහ ජවිපෙ ලේකම් අතර හමුවක්

    May 14, 2026

    ඉදිරි පැය 36 තුළ පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට – අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

    May 14, 2026

    අවධානයෙන් ඉන්න ! කාලගුණයේ අලුත්ම දැනුම්දීම

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    රු.100 වතුර බෝතලේ රු. 450කට විකුණලා| මාතර හෝටල් දෙකක් රු.ලක්ෂ 10ක් දඩ කයි

    May 14, 202602 Views

    උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත්…

    සැකකරුවන්ට මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීට ඉඩ දුන් කොස්තාපල්වරු දෙදෙනෙකුගේ වැඩ තහනම්

    May 14, 2026

    ඇල්ලට එන ආදරවන්තයින්ට කරදර කළ අපරාධකරුවන් අත්අඩංගුවට

    May 14, 2026

    ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනිය සහ ජවිපෙ ලේකම් අතර හමුවක්

    May 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.