Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දිවයිනේ ප්‍රධාන ගංඟාවල තත්ත්වය පැහැදිලි කරයි
    Featured

    දිවයිනේ ප්‍රධාන ගංඟාවල තත්ත්වය පැහැදිලි කරයි

    By LFNMay 6, 2023No Comments1 Min Read223 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවල පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ගංඟාවල ජල තත්ත්වය සහ ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

    වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ,
    ඉංජිනේරු එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසුවේ මේ වනවිට දිවයිනේ කිසිදු ප්‍රධාන ගංඟාවක් ගංවතුර තත්ත්වයකට ළඟාවී නොමැති බවය.

    කෙසේවෙතත් නිරිතදිග සහ බස්නාහිර හරහා ගලාබසින ගංඟාවල ජල මට්ටම් සාමාන්‍ය තත්ත්වයට වඩා ඉහළ මට්ටමකට පැමිණ තිබේ.

    අත්තනගලු, කළු, කැලණි, ගිං, නිල්වලා සහ බෙන්තර යන ගංඟාවල ජල මට්ටම් පහළ ප්‍රදේශවලදී තරමක් ඉහළ මට්ටමක පවතී.

    කෙසේවෙතත් ඉදිරි පැය 24ක කාලය තුළ කිසිදු ගංඟාවක ගංවතුර තත්ත්වයකට ළඟාවීමේ හැකියාව ඉතා අවම බවද වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    නමුත් ඉදිරි වැසි සහිත තත්ත්වය නිසා ජල මට්ටම් ඉහළ ගොස් ඇති ගංඟා පිළිබඳ ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවද වාර්මාර්ග දෙපාර්තමේන්තුව අවධාරනය කළේය.

    අධික වර්ෂාවක් ඇතිවුවහොත් සමහර ගංඟා ගංවතුර තත්ත්වයකට පත්වීමේ හැකියාව නොසලකාහැරිය නොහැකි බවද එම දෙපාර්තමේන්තුව පැවසීය.

    ඒ හේතුවෙන් ප්‍රධාන ගංඟා ආශ්‍රිත අතු ගංඟා දෙපස සිටින ජනතාවද ගංඟා හරහා ගමන් කරන පිරිස ද විමසිල්ලෙන් පසුවිය යුතුය.

    ප්‍රධාන වාරිමාර්ග ජලාශවල මේ වනවිට 67%ක ජල ධාරිතාවයක් පවතී.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙහෙරගල ජලාශය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරුඔය ජලාශය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ යාන්ඔය ජලාශය මේ වනවිට වාන් දමමින් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202603 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.