Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාස දෙකක් තුළ රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 1.4 ඉක්මවයි

    March 7, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව සජබයෙන් විශ්වාසභංග යෝජනාවක්

    March 7, 2026

    බේරාගත් ඉරාන නැවියන් ගැන ශ්‍රී ලංකාවේ ස්ථාවරය ඇමති විජිත ඉන්දියාවේදී කියයි

    March 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නව ප්‍රවණතාවයක් ගැන අධිකරණයට කරුණු කියයි
    Featured

    නව ප්‍රවණතාවයක් ගැන අධිකරණයට කරුණු කියයි

    By LFNMay 5, 2023No Comments2 Mins Read212 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නිත්‍යානුකූල ලෙස අත්අඩංගුවට ගැනීමට නියමිත පුද්ගලයින් අධිකරණය හමුවට පැමිණ එය වළක්වා ගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කිරීම නව ප්‍රවණතාවයක් බවට පත්වී ඇති බවත් ඒ තුළින් අපරාධ විමර්ශන ක්‍රියාදාමයට බාධා එල්ලවී තිබෙන බවත් නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

    තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික පශු සම්පත් මණ්ඩලයේ පොළොන්නරුව ගොවිපොළේ වැඩබලන කළමනාකාරවරයා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකාබැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය මේ බව සඳහන් කර තිබුණි.

    අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය නීතිවිරෝධී නම් ඊට එරෙහිව ගත හැකි නීතිමය ප්‍රතිකර්ම රැසක් තිබෙන බවත් ඒවා අනුගමනය නොකොට මෙවැනි ක්‍රියාමාර්ගවලට එළඹීම සම්බන්ධයෙන් තමන්ට එකඟවිය නොහැකි බවද ඇය සඳහන් කර ඇත.

    මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි පෙත්සමක් ඉදිරිපත් වූ විට ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට අධිකරණයට සිදුවන බවය.

    මීළඟ දින පෙත්සම සලකාබලන තෙක් පෙත්සම්කරු අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක් ලබාදිය හැකි දැයි මෙහිදී සභාපති විනිසුරුවරයා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියගෙන් විමසා තිබේ.

    එවිට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පැවසුවේ තමන්ට එවැනි ප්‍රතිඥාවක් ලබාදිය නොහැකි බවටය.

    කෙසේවෙතත් ලබන 09 වනදා දක්වා පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

    එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ පොළොන්නරුව අඩවි වන නිලධාරියා, වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා, පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ඇතුළු පිරිසක් වෙත නොතිසි නිකුත් කිරීමට ද අධිකරණය නියෝග කර ඇත.

    පෙත්සම ඉදිරිපත් කළ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ පොළොන්නරුව ගොවිපොළේ වැඩබලන කළමනාකරු අජිත් ද සිල්වා මහතා සිය පෙත්සමෙන් කියා සිටින්නේ අලි අගලක් කැපීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වග උත්තරකරුවන් විසින් තමන්ට එරෙහිව පුරාවිද්‍යා පනත යටතේ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා ගෙන ඇති බවය.

    පුරාවිද්‍යා පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබාගැනීමට අඩවි වන නිලධාරීන්ට බලයක් නොමැති බවත් පෙත්සම්කරු පෙන්වාදී තිබේ.

    එබැවින් තමන් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව නීතියට පටහැනි බවත් ඒ අනුව අදාළ වරෙන්තුව බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස දෙකක් තුළ රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 1.4 ඉක්මවයි

    March 7, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව සජබයෙන් විශ්වාසභංග යෝජනාවක්

    March 7, 2026

    බේරාගත් ඉරාන නැවියන් ගැන ශ්‍රී ලංකාවේ ස්ථාවරය ඇමති විජිත ඉන්දියාවේදී කියයි

    March 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    මාස දෙකක් තුළ රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 1.4 ඉක්මවයි

    March 7, 20260120 Views

    2026 වසරේ පෙබරවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 729ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක්…

    බලශක්ති ඇමතිට එරෙහිව සජබයෙන් විශ්වාසභංග යෝජනාවක්

    March 7, 2026

    බේරාගත් ඉරාන නැවියන් ගැන ශ්‍රී ලංකාවේ ස්ථාවරය ඇමති විජිත ඉන්දියාවේදී කියයි

    March 7, 2026

    ඉරාන සහ රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡාවක්

    March 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.