Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලක්ෂ ගණනක වංචාවකට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයෙකු අත්අඩංගුවට

    May 14, 2026

    දිස්ත්‍රික්ක 11කට නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

    May 14, 2026

    තෙල්දෙණියේදී බස් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි – පස් දෙනෙකුට තුවාල

    May 14, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආචාර්යවරුන්ගෙන් රජයට රුපියල් කෝටි 200ක පොල්ලක්
    Featured

    ආචාර්යවරුන්ගෙන් රජයට රුපියල් කෝටි 200ක පොල්ලක්

    By LFNMay 4, 2023No Comments2 Mins Read183 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උසස් අධ්‍යාපනය සහ සප්ත වාර්ෂික නිවාඩු මත විදේශගතව යළි නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් රුපියල් කෝටි 200කට ආසන්න හිඟ මුදලක් රජයට අය වියයුතුව ඇති බව හෙළිවී තිබේ.

    ඒ කෝප් කමිටුව හමුවේදීය.

    එහිදී අනාවරණ වූයේ විදෙස්ගතවූ ආචාර්යවරුන් 617 දෙනෙකුගෙන් අදාළ මුදල් පියවීම් සිදුකර ඇත්තේ 84 දෙනෙක් පමණක් බවය.

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පසුගියදා කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණි.

    ඒ අනුව ගෙවීම් නොකළ ආචාර්යවරුන්ගේ ඇපකරුවන්ගෙන් හෝ මෙම මුදල අය කරගැනීමට ක්‍රියා කළ යුතු බවත් මීට අදාළව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ මසක් තුළ කෝප් කමිටුවට දැනුම්දෙන ලෙසත් කමිටුව නිර්දේශ කර තිබේ.

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවට එක් නොවීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ එහිදී අවධානය යොමුකර තිබේ.

    මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවෙන් ඉවත්වී අදට මාස දෙකකුත් දින 10ක් ඉක්මවා ඇත.

    උත්තර පත්‍ර පරීක්ෂා කිරීම අරඹන්නේ ජනාධිපතිවරයා සමග පවත්වන සාකච්ඡාවකින් පසුව බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසයි.

    ඒ පිළිබඳ අද දෙරණ කළ විමසීමේදී විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා පැවසුවේ ලබන 07 වනදායින් පසු ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබාදීමට හැකියැයි ජනාධිපති ලේකම් කාර්යාලය දැන්වූ බවය.

    මේ අතර සිය ගැටලු වෙනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පාසල් දරුවන් ප්‍රාණ ඇපයට ගැනීම සදාචාර විරෝධී බව සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය අවධාරණය කරයි.

    මේ අතර උසස් පෙළ විභාග විෂයන් 63 න් 52 ක පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා ප්‍රමාණවත් අයදුම්පත් ලැබී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

    පුරප්පාඩු පවතින භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව ඇතුළු විෂය 11කට අදාළව පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම සඳහා වන අයදුම්පත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ භාරගැනීමේ කාලය අද (04) මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කළ බවද ඔහු සඳහන් කළේය.

    එම කාලය (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිතව තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලක්ෂ ගණනක වංචාවකට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයෙකු අත්අඩංගුවට

    May 14, 2026

    තෙල්දෙණියේදී බස් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි – පස් දෙනෙකුට තුවාල

    May 14, 2026

    රු.100 වතුර බෝතලේ රු. 450කට විකුණලා| මාතර හෝටල් දෙකක් රු.ලක්ෂ 10ක් දඩ කයි

    May 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,437 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ලක්ෂ ගණනක වංචාවකට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයෙකු අත්අඩංගුවට

    May 14, 202601 Views

    ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මෘදුකාංගයක් ස්ථාපනය කිරීමේදී සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ…

    දිස්ත්‍රික්ක 11කට නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

    May 14, 2026

    තෙල්දෙණියේදී බස් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි – පස් දෙනෙකුට තුවාල

    May 14, 2026

    රු.100 වතුර බෝතලේ රු. 450කට විකුණලා| මාතර හෝටල් දෙකක් රු.ලක්ෂ 10ක් දඩ කයි

    May 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.