Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආචාර්යවරුන්ගෙන් රජයට රුපියල් කෝටි 200ක පොල්ලක්
    Featured

    ආචාර්යවරුන්ගෙන් රජයට රුපියල් කෝටි 200ක පොල්ලක්

    By LFNMay 4, 2023No Comments2 Mins Read184 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උසස් අධ්‍යාපනය සහ සප්ත වාර්ෂික නිවාඩු මත විදේශගතව යළි නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් රුපියල් කෝටි 200කට ආසන්න හිඟ මුදලක් රජයට අය වියයුතුව ඇති බව හෙළිවී තිබේ.

    ඒ කෝප් කමිටුව හමුවේදීය.

    එහිදී අනාවරණ වූයේ විදෙස්ගතවූ ආචාර්යවරුන් 617 දෙනෙකුගෙන් අදාළ මුදල් පියවීම් සිදුකර ඇත්තේ 84 දෙනෙක් පමණක් බවය.

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පසුගියදා කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණි.

    ඒ අනුව ගෙවීම් නොකළ ආචාර්යවරුන්ගේ ඇපකරුවන්ගෙන් හෝ මෙම මුදල අය කරගැනීමට ක්‍රියා කළ යුතු බවත් මීට අදාළව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ මසක් තුළ කෝප් කමිටුවට දැනුම්දෙන ලෙසත් කමිටුව නිර්දේශ කර තිබේ.

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවට එක් නොවීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ එහිදී අවධානය යොමුකර තිබේ.

    මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවෙන් ඉවත්වී අදට මාස දෙකකුත් දින 10ක් ඉක්මවා ඇත.

    උත්තර පත්‍ර පරීක්ෂා කිරීම අරඹන්නේ ජනාධිපතිවරයා සමග පවත්වන සාකච්ඡාවකින් පසුව බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසයි.

    ඒ පිළිබඳ අද දෙරණ කළ විමසීමේදී විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා පැවසුවේ ලබන 07 වනදායින් පසු ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබාදීමට හැකියැයි ජනාධිපති ලේකම් කාර්යාලය දැන්වූ බවය.

    මේ අතර සිය ගැටලු වෙනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පාසල් දරුවන් ප්‍රාණ ඇපයට ගැනීම සදාචාර විරෝධී බව සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය අවධාරණය කරයි.

    මේ අතර උසස් පෙළ විභාග විෂයන් 63 න් 52 ක පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා ප්‍රමාණවත් අයදුම්පත් ලැබී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

    පුරප්පාඩු පවතින භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව ඇතුළු විෂය 11කට අදාළව පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම සඳහා වන අයදුම්පත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ භාරගැනීමේ කාලය අද (04) මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කළ බවද ඔහු සඳහන් කළේය.

    එම කාලය (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිතව තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.