සිය ද්විපාර්ශ්වික වෙළෙඳාමේදී රියාල් සහ රුපියල වැඩි වශයෙන් භාවිත කරන ලෙස ඉරානය, ඉන්දියාවෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.
ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක සහ ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අතර පැවැති හමුවකදී එම ඉල්ලීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ද්විපාර්ශ්වික වෙළෙඳාමේදී දේශීය මුදල් ඒකක භාවිත කිරීමෙන් දෙරටේ ඒකාබද්ධ ආර්ථික අරමුණු කරා ළඟාවීමට උපකාර වනු ඇති බව ඉරානයේ යෝජනාවය.
මේ අතර ඉන්දියාව සමග දේශපාලන සහ ආරක්ෂක ගැටළු මෙන්ම වඩාත් වැදගත් කලාපීය සහ ජාත්‍යන්තර වර්ධනයන් පිළිබඳව සාකච්ඡා කළ බව ඉරාන මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.