බංගලාදේශ කාන්තා ක්රිකට් කණ්ඩායම ඊයේ (25) පස්වරුවේ දිවයිනට පැමිණ තිබේ.
ඔවුන් විස්සයි විස්ස තරග තුනකට සහභාගීවීමට නියමිත අතර එම තරග SSC ක්රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතය.
මීට අමතරව එක්දින තරග තුනක් කොළඹ CCC ක්රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතය.
මෙම එක්දින තරග ලෝක කුසලාන තරග සඳහා ඍජුවම සුදුසුකම් ලැබීම සඳහා අදාළ වන අතර එම තරගාවලියේ කොටසක් ලෙස පවත්වනු ලබන තරග බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසයි.