Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Uncategorized»භූකම්පනයේ බලපෑම ප්‍රදේශ රැසකට දැනෙයි
    Uncategorized

    භූකම්පනයේ බලපෑම ප්‍රදේශ රැසකට දැනෙයි

    By LFNApril 24, 2023No Comments2 Mins Read326 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හම්බන්තොට වෙරළට කිලෝමීටර් 25.8ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රෙද්ශයේ රික්ටර් මාපකයේ ඒකක 4.4ක සුළු භූකම්පනයක් අද (24) අලුයම හටගෙන තිබේ.

    කෙසේ වෙතත් මේ හේතුවෙන් කිසිදු සුනාමි අවදානමක් නොමැති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේය.

    එම භූ කම්පනය හම්බන්තොට මිරිජ්ජවිල, ගොඩවාය, ඩිපෝ හංදිය, දෙහිලන්ද සහ අම්බලන්තොට ප්‍රදේශවලට දැනුණු බව එම ප්‍රදේශවල ජනතාව සඳහන් කළේය.

    “ඉස්සෙල්ලා ගොරවනවා වගේ සද්දයක් ඇහුණා. මම හිතුවා අහස ගොරවනවා කියලා. නමුත් ඒ එක්කම පොළොව හෙළවෙනවා මට දැනුනා. ඇඳ ගැස්සෙනවා වගේ. සාමාන්‍යයෙන් තත්ත්පර 15ක් වගේ තිබුණා.”

    “පාන්දර 12.45ට වගේ යාන්තම් ඇඳ හෙළවුණා.”

    “වැඩිවෙලා තිබුණේ නෑ. තත්ත්පර ගාණකින් ඉවරවුණා.”

    කෙසේ වෙතත් මේ පිළිබඳව සිදුකළ විමසීමකදී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේ මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති වීමේ අවදානමක් නොමැති බවය.

    මේ පිළිබඳව අදහස් දැක්වු භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ (භූ විද්‍යා) ආචාර්ය ස්ටෙරින් ප්‍රනාන්දු මහතා,

    “අපිට කිසිම වාර්තාවක් වෙලා නෑ කිසිම ඩැමේජ් එකක් වුණා කියලා. නමුත් කම්පනය ලංකාවේ විවිධ ප්‍රදේශවලට දැනිලා තියෙනවා. වැඩියෙන්ම හම්බන්තොට ප්‍රදේශයට දැනිලා තියෙනවා. බදුල්ල, නුවර හා මාවනැල්ලටත් දැනිලා තියෙනවා. භූ විද්‍යාත්මක දත්ත අනුව විශාල භූ කම්පන බලාපොරොත්තු විය නොහැකි වුවත් සුළු සුළු කම්පන මේ දිනවල සිදුවෙනවා. අපි ඒ අනුව ගණනය කිරීම් සිදුකරමින් වඩාත්ම භූකම්පන සිදුවිය හැකි ස්ථාන හඳුනා ගනිමින් පවතිනවා. අද දින භූ විද්‍යාඥයින් කණ්ඩායමක් හම්බන්තොට ප්‍රදේශයට යනවා. මේ භූකම්පනයෙන් යම් ආපදාවක් වෙලා ද බලන්න. නමුත් කිසිම සුනාමි තත්ත්වයක් නෑ. ඒ ගැන බිය විය යුතු නෑ.”

    අද දිනයේ වාර්තා වූ මෙම භූ චලනවලට අමතරව ඉකුත් පෙබරවාරි 10 වැනිදා සිට භූ චලන සිදුවීම් රැසක් මෙරටින් වාර්තා වුණි.

    රටේ කතාබහක් ඇති කළ මාතෘකාවක් බවට පත්වු එම භූ චලන වාර්තා වුණේ මොනරාගල, බුත්තල, වැල්ලවාය, කුඹුක්කන, ඔක්කම්පිටිය, ත්‍රිකුණාමලය සහ කිරින්ද ඇතුළු ප්‍රදේශ කිහිපයකිනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026

    අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 28,000කට අධික පිරිසකට බලපෑම්

    May 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.