Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පියල් මනම්පේරි අත්අඩංගුවට – සම්පත් මනම්පේරිගේ පොහොට්ටු සාමාජිකත්වය තහනම් කරයි

    September 6, 2025

    මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා DIG සිව්දෙනෙක් පත් කෙරේ

    September 6, 2025

    2025 වසරේ මේ දක්වා වෙඩිතැබීම් 96ක් – මරණ 50යි තුවාල 53යි

    September 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Uncategorized»භූකම්පනයේ බලපෑම ප්‍රදේශ රැසකට දැනෙයි
    Uncategorized

    භූකම්පනයේ බලපෑම ප්‍රදේශ රැසකට දැනෙයි

    By LFNApril 24, 2023No Comments2 Mins Read324 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හම්බන්තොට වෙරළට කිලෝමීටර් 25.8ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රෙද්ශයේ රික්ටර් මාපකයේ ඒකක 4.4ක සුළු භූකම්පනයක් අද (24) අලුයම හටගෙන තිබේ.

    කෙසේ වෙතත් මේ හේතුවෙන් කිසිදු සුනාමි අවදානමක් නොමැති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේය.

    එම භූ කම්පනය හම්බන්තොට මිරිජ්ජවිල, ගොඩවාය, ඩිපෝ හංදිය, දෙහිලන්ද සහ අම්බලන්තොට ප්‍රදේශවලට දැනුණු බව එම ප්‍රදේශවල ජනතාව සඳහන් කළේය.

    “ඉස්සෙල්ලා ගොරවනවා වගේ සද්දයක් ඇහුණා. මම හිතුවා අහස ගොරවනවා කියලා. නමුත් ඒ එක්කම පොළොව හෙළවෙනවා මට දැනුනා. ඇඳ ගැස්සෙනවා වගේ. සාමාන්‍යයෙන් තත්ත්පර 15ක් වගේ තිබුණා.”

    “පාන්දර 12.45ට වගේ යාන්තම් ඇඳ හෙළවුණා.”

    “වැඩිවෙලා තිබුණේ නෑ. තත්ත්පර ගාණකින් ඉවරවුණා.”

    කෙසේ වෙතත් මේ පිළිබඳව සිදුකළ විමසීමකදී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේ මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති වීමේ අවදානමක් නොමැති බවය.

    මේ පිළිබඳව අදහස් දැක්වු භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ (භූ විද්‍යා) ආචාර්ය ස්ටෙරින් ප්‍රනාන්දු මහතා,

    “අපිට කිසිම වාර්තාවක් වෙලා නෑ කිසිම ඩැමේජ් එකක් වුණා කියලා. නමුත් කම්පනය ලංකාවේ විවිධ ප්‍රදේශවලට දැනිලා තියෙනවා. වැඩියෙන්ම හම්බන්තොට ප්‍රදේශයට දැනිලා තියෙනවා. බදුල්ල, නුවර හා මාවනැල්ලටත් දැනිලා තියෙනවා. භූ විද්‍යාත්මක දත්ත අනුව විශාල භූ කම්පන බලාපොරොත්තු විය නොහැකි වුවත් සුළු සුළු කම්පන මේ දිනවල සිදුවෙනවා. අපි ඒ අනුව ගණනය කිරීම් සිදුකරමින් වඩාත්ම භූකම්පන සිදුවිය හැකි ස්ථාන හඳුනා ගනිමින් පවතිනවා. අද දින භූ විද්‍යාඥයින් කණ්ඩායමක් හම්බන්තොට ප්‍රදේශයට යනවා. මේ භූකම්පනයෙන් යම් ආපදාවක් වෙලා ද බලන්න. නමුත් කිසිම සුනාමි තත්ත්වයක් නෑ. ඒ ගැන බිය විය යුතු නෑ.”

    අද දිනයේ වාර්තා වූ මෙම භූ චලනවලට අමතරව ඉකුත් පෙබරවාරි 10 වැනිදා සිට භූ චලන සිදුවීම් රැසක් මෙරටින් වාර්තා වුණි.

    රටේ කතාබහක් ඇති කළ මාතෘකාවක් බවට පත්වු එම භූ චලන වාර්තා වුණේ මොනරාගල, බුත්තල, වැල්ලවාය, කුඹුක්කන, ඔක්කම්පිටිය, ත්‍රිකුණාමලය සහ කිරින්ද ඇතුළු ප්‍රදේශ කිහිපයකිනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විපක්ෂයේ පක්ෂ නියෝජිතයින් එක් වූ විශේෂ සාකච්ඡාවක්

    May 21, 2025

    බදුල්ලේ සහෝදරයින්ගේ ගැටුම ගැන වෛද්‍ය පාලිත රාජපක්ෂ කළ හෙළිදරව්ව

    May 21, 2025

    සමසෞඛ්‍ය සිසුන්ට එල්ල කළ ප්‍රහාරය හෙළා දකිමින් රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් විරෝධතාවයක

    March 30, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,354 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,291 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,541 Views
    Don't Miss

    පියල් මනම්පේරි අත්අඩංගුවට – සම්පත් මනම්පේරිගේ පොහොට්ටු සාමාජිකත්වය තහනම් කරයි

    September 6, 20250125 Views

    අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණයක් මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක…

    මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා DIG සිව්දෙනෙක් පත් කෙරේ

    September 6, 2025

    2025 වසරේ මේ දක්වා වෙඩිතැබීම් 96ක් – මරණ 50යි තුවාල 53යි

    September 6, 2025

    ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට

    September 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.