Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»හිටපු නීතිපති චූදිතයෙක් කරලා
    Local News

    හිටපු නීතිපති චූදිතයෙක් කරලා

    By LFNApril 21, 2023No Comments2 Mins Read253 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු නීතිපති දප්පුල ද ලිවේරා සාක්ෂිකරුවෙකුට වඩා චූදිතයෙකුගේ තත්ත්වයට ඇදදමා ඇති බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

    කාදිනල් හිමිපාණන් මේ බව පැවසුවේ අද පෙරවරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථාන පරිශ්‍රයේ පැවති සැමරුම් වැඩසටහනේදීය.

    ලක් ඉතිහාසයේ අඳුරුතම දිනයක් ලෙස සටහන් වූ ජීවිත 272ක් බිළිගත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදු වී අදට සිව් වසරක් සපිරෙයි.

    ඒ වෙනුවෙන් පැවැති ප්‍රධාන සැමරුම් වැඩසටහන අද කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේදි පැවැත්වුණි.

    ලොව පුරා කිතුනුවන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උත්ථානය සැමරූ 2019 අප්‍රේල් මස 21 වැනිදා ස්ථාන 8කදී ප්‍රහාර 10ක් සිදුකළේ කිතුණු දේවස්ථාන 03ක් සහ අගනුවර තරු පන්තියේ හෝටල් 03ක් ප්‍රධාන ඉලක්ක කර ගනිමිනි.

    ඒ අනුව ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය හා වින්දිතයින්ට යුක්තිය ඉල්ලමින් ඊයේ පස්වරුවේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පැවති විශේෂ දේව මෙහෙයකින් අනතුරුව පාගමනක් ආරම්භ කෙරුණි.

    ඒ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානය දක්වාය.

    කතෝලික පියතුමන්, කන්‍යා සොයුරියන්, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සහ තරුණ තරුණියන් යුක්තිය අයැදීමේ පාගමනට එක්ව සිටියේය.

    සීදූව අම්බලන්මුල්ල ගංගාරාම විහාරස්ථානයේ දී පා ගමනින් පැමිණි පිරිස වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් සූදානම් කර තිබුණි.

    අනතුරුව තුඩැල්ල ශුද්ධ වූ අඩක්කල මාතා දේවස්ථානයට ළඟා වූ පිරිසට එහිදී ද තේ පැන් සංග්‍රයක් හිමිවුණි.

    පසුව පිරිස ළඟා වූයේ කඳාන නගරය වෙතය.

    පා ගමන අද පෙරවරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානය වෙත පැමිණියේය.

    අනතුරුව ත්‍රස්ත ප්‍රහාරයේ සිව්වන වර්ෂ පූර්ණය වෙනුවෙන් සංවිධානය කර තිබු ප්‍රධාන සිහිකිරීමේ වැඩසටහන සහ දේව මෙහෙය අද පෙරවරු 08.00 පමණ ආරම්භ වූයේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේදිය.

    ඒ, කොළඹ පදවියේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහ වතිකානයේ ශ්‍රී ලංකා තානාපති අතිඋතුම් බ්‍රයන් උඩයිගුවේ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.‍

    එම අවස්ථාව සඳහා චීනය, අමෙරිකාව, එක්සත් රාජධානිය ඇතුලු රටවල් රැසක් නියෝජනය කරමින් තනාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ද එක්ව සිටියේය.

    සැමරුම් වැඩසටහන ආරම්භයේදී පළමු ප්‍රහාරය එල්ලවු උදෑසන 8.45 සිහි කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වුණි.

    අනතුරුව ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සිහිකරමින් ස්මාරකය ඉදිරිපිට ඉටිපහන් දැල්වීම සිදුකෙරුණි.

    ප්‍රධාන වැඩසටහන අවසානයේ දිව්‍ය පූජා යාගය පැවැති අතර, ඊට ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින් ද එක්ව සිටියේය.

    මේ අතර ‘යුක්තිය ඉටුවන තුරු අප අවදියෙන්’ යන මැයෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගය දෙපස සිට ජන පවුරක් නිර්මාණය කෙරුණි.

    මේ අතර පාස්කු ප්‍රහාරයේ ඉලක්කයක් වූ මඩකලපුව සියෝන් දේවස්ථානය සහ දිවයිනේ තවත් ප්‍රදේශ බොහෝමයක දේවස්ථානවල ආගමික වැඩසටහන් සහ විරෝධතා සංවිධාන කර තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.